බැඳුම්කර හොර අහුවෙතැයි බියෙන් පොහොට්ටු පිල පාර්ලිමේන්තුවේ යකා නටයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

බැඳුම්කර හොර අහුවෙතැයි බියෙන් පොහොට්ටු පිල පාර්ලිමේන්තුවේ යකා නටයි..!


10 වැනිදා බැඳුම්කර සිද්ධිය පිලිබඳ හදිසි විවාදයකට එක් වූ පාර්ලිමේන්තු රැුස්වීමේදී පොහොට්ටු පිල එක්වරම කලබල වෙමින් විශාල කලබැගෑනියක් ඇති කරමින් සභාවේ කටයුතු මුළුමනින්ම අවුල් කරන ලදී. 

පොහොට්ටු පිල බලාපොරොත්තු වූ අයුරින් පසුගිය තෙවසර තුල පමණක් බැඳුම්කර සිදුවීම් පිලිබඳව සාකච්ඡුාවට නොගෙන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ 2008 සිට 2014 දක්වා බැඳුම්කර මගඩි මගින් රටට අහිමි වී ඇති මුදල බිලියන 4702ක් බවය. 
පසුගිය තෙවසර තුල සිදු වූ බිලියන 11ක මගඩිය සේම රාජපක්‍ෂ සමය තුල සිදු වූ ගනුදෙනුව පිලිබඳවත් විවාදයට බඳුන් කළ යුතු බවත් අග‍්‍රාමාත්‍ය වරයා ප‍්‍රකාශ කළේය.

බැඳුම්කර කොමිසන් වාර්තාව ඉතා පැහැදිලිව 2008-2014 වකවානුව පිලිබඳව සිය වාර්තාවේ සඳහන් කර තිබියදී, එවකට රටේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ මහතා මේ පිලිබඳව කරුණු දැක්වීමක් කළ යුතුව තිබුනද පොහොට්ටු පිල ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදුන්නේය. තමන් එල්ල කළ චෝදනා පාරා වළල්ලක් සේ නැවත පැමිණෙන බව දැනගත් ඔවුහු කළේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට නොගැලපෙන අයුරින් මරියාකඬේ රංගනයක් ඉදිරිපත් කිරීමයි. 


මේ පිලිබඳව විචක්‍ෂණශීලී මනසකින්, විවෘත බුද්ධියකින් දකින්නට බලා සිටි බුද්ධිමත් ජනතාවගේ අපේක්‍ෂාව මේ නිසා බිඳවැටුන අතර, පොහොට්ටු පිලේ ගැටුම්කාරි මානසිකත්වය දෙස ඔවුන් බලා සිටියේ පිළිකුල්සහගත බවකිනි.  


No comments:

Post a Comment

Post Bottom Ad