ඡන්දෙන් ආණ්ඩුව පැරදුනොත් හමුදාව-පොලිසිය ආණ්ඩුවට විරුද්ද වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

ඡන්දෙන් ආණ්ඩුව පැරදුනොත් හමුදාව-පොලිසිය ආණ්ඩුවට විරුද්ද වෙයි..

පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවණයෙන් ආණ්ඩුව පරාජයට පත් වුවහොත් හමුදාව පොලීසිය පවා ආණ්ඩුව කියන දේ පිලි නොගන්නා තත්වයට පත්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

‘ජනවරමක් නැති ආණ්ඩුවකට පවතින්න බෑ. පොලීසිය ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ. හමුදාව ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ. රාජ්‍ය සේවය ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ. මේ ආණ්ඩුවට දැන් ජනමතයක් නෑ කියල පෙන්වන එකයි පෙබරවාරි 10 කරන්න ඕන. ඒක කරන්න තමයි පොහොට්ටුවට කතිරෙ ගහන්න ඕන’ යයිද ඔහු සදහන් කරයි.

කඩුවෙලදී පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad