තුන්කොන් එක්දින තරගාවලියේ ජය ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 27, 2018

තුන්කොන් එක්දින තරගාවලියේ ජය ලංකාවට

තුන්කොන් එක්දින තරගාවලියේ ජය ලංකාවට

බංග්ලාදේශය සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවති  තුන්කොන් එක්දින තරගාවලියේ කුසලානය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

ඒ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් මහ තරගයේදී ලකුණු 79ක ජයක් වාර්තා කරමිනි. ලකුණු 221ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට වාර්තා කළ හැකිවූයේ ලකුණු 142ක් පමණි.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් ෂෙහාන් මධුශංක මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් වාර්තා අතරට එක්විය.2016 ට පසු වසර දෙකකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාව ජය ගත්තේ අදයි.

No comments:

Post a Comment

Post Bottom Ad