රට වනසන හොර රනිල්ව ගෙදර යවන ඔන්ලයින් පෙත්සමට අත්සන් කරන්නේ මෙහෙමයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

රට වනසන හොර රනිල්ව ගෙදර යවන ඔන්ලයින් පෙත්සමට අත්සන් කරන්නේ මෙහෙමයි…

යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන බවට දහසකුත් පොරොන්දු ලබා දී බලයට පැමිනි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ වන විට ජනතාව හමුවේ සිය විශ්වාසය නැවත ගොඩනගා ගත නොහැකි අන්දමට බිඳදමාගෙන ඇත. 

එකී විශ්වාසය බිඳ වැටීම සඳහා බලපෑ මූලිකම කාරනය වන්නෙ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධව සිදුව ඇති වංචාව පිළිබඳ වාර්තා වූ මුල් අවධියේ සිටම එම සිදුවීම සාමාන්‍යකරණය කිරීමට සහ බරපතල වංචාවක් සිදුව නොමැති බවට රට හමුවේ කරුණු ගෙනහැර දැක්වීමට කටයුතු කිරීම නිසාය. මේ සදහා ඔහු එකල සිදුකල පාර්ලිමේන්තු කතා සහ වෙනත් ප්‍රකාශ උදාහරණ සපයයි. 

මේ මොහොතේදී සංවිධානාත්මකව මෙම වංචාව සිදුව ඇති බව ඔප්පු වී ඇති නිසාත් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග මේ පිලිබඳ ව ගැනීමට නියමිත නිසාත් ඔහු වහාම පරීක්ෂණ වල ස්වාධීනත්වයට ඉඩ දී ධූරයෙන් ඉල්ලා අස්වී යායුතු බවට පොදු මහජනතාව වන අප විසින් මෙලෙස බල කර සිටිමු.

ඔහුගේ අතීත භාවිතාව සහ ක්රියාකලාපය අනුව ඔහුගේ සමීප හිතවතකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් ආරක්ෂා කිරීමට නියමින් හෝ අනියමින් ක්‍රියාකරනු ඇතැයි මහජනතාවට ඇති සැකය සාධාරණ වේ. සිය හිතවත් පාක්ෂිකයින් වන ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවක් පත්කර ඒකපාර්ශිකව බැඳුම්කර සිදුවීමේදී වංචාවක් සිදුව නැති බව ප්‍රකාශ කිරීමට ඔහු මීට පෙර කටයුතු කර ඇති නිසා ඔහුගෙන් ඉදිරි ස්වාධීන පරීක්ෂණ සඳහා බාධාවක් ඇතිවිය හැකි බවට වන මහජන සැකය ද සාධාරණය.

එම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක දේශපාලන නායකයකු ලෙස මහජනතාව පාරට බැස ධූරයෙන් අස්වී යන ලෙස උද්ඝෝෂණ කරන තුරු නොසිට ගෞරවාන්විතව පරීක්ෂණ වලට ඉඩදී ඉල්ලා අස්වීම යුක්ති යුක්ත වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසි මහජනතාව ලෙස වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෙරේ අප තුළ පවතින විශ්වාසය භංග වී ඇති බැවින් වහාම ධූරයෙන් ඉල්ලා අස්වී තමා යටතේ තිබූ ශ්‍රී ලංකා මහබැංකුවේ සිදුවූ වංචාව සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමට ස්වාධීන පරිසරයක් ඇති කරන ලෙසට මෙයින් බලකර ඉල්ලා සිටිමු.

අගමැති රනිල්! වහා ඉල්ලා අස්වී ගෙදර යනු!

https://www.ipetitions.com/petition/getoutranil

No comments:

Post a Comment

Post Bottom Ad