ජනපතිට බැරිනම් ඉතිරි කාලය රනිල් ජනපති වෙන්න සූදානම්.. එජාප ආණ්ඩුවක්.. හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැදවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

ජනපතිට බැරිනම් ඉතිරි කාලය රනිල් ජනපති වෙන්න සූදානම්.. එජාප ආණ්ඩුවක්.. හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැදවයි..

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් ආණ්ඩු කිරීමට ජනාධිපතිවරයා අකමැති නම් වහා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් විසින් පක්‍ෂ නායකත්වයට දැඩි බලපෑම් කරමින් ඇති බව සමාජ ජාලාවන්හි වාර්තා පලවෙයි.

අද (16) දිනයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් එජාපයට විරෝධය පෑමත් සමග පස්වරුවේ සිට මෙම බලපෑම් තවත් වැඩිව ඇති බව සදහන්ය. ජනාධිපතිවරයාට ධුරය දරන්නට බැරි නම් ඉන්ද ඉල්ලා අස්වන ලෙසත් ව්‍යවස්ථානුකූලව ඉතිරි ධුර කාලය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බාර ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා දිගින් දිගටම විවේචනය කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සදහන් කර ඇතැයිද කියැවෙයි.

එජාප හිතවාදී පුවත් අඩවි වලින්ද මේ හා සමාන්තර වාර්තා පල කරමින් තිබේ. මේ අතර ඇතිව තිබෙන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් හෙට (17) දිනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්චාවක් කැදවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad