දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ. වික්ටර් රත්නායගේ පුතු රහස් ගිවිසුමක් හෙලිකරමින් ආන්දෝලනාත්මක කතාවක් කියයි..!! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ. වික්ටර් රත්නායගේ පුතු රහස් ගිවිසුමක් හෙලිකරමින් ආන්දෝලනාත්මක කතාවක් කියයි..!!

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් යවා තිබුනා. නමුත් එම ලිපි නිකුත් කිරීමෙන් පසු විකාශය වුනු රූපවාහිණී වැඩසටහනකදී  වික්ටර් රත්නායගේ පුතුනුවන් වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක විසින් තම පියාගේ ගීත ගායනා කිරීමත් සමඟ වික්ටර් රත්නායකගේ ගීත ගායනා කළොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද යන ප්‍රශ්නය බොහෝ දෙනාට ඇති වූ බවට කිසිඳු සැකයක් නැහැ.

තමන්ගේ ගීත ගායනා කිරීම තහනම් කරමින් නීතිඥයකු මාර්ගයෙන් ලිපියක් නිකුත් කර තිබියදීත් මෙලෙස පියාගේ ගීත ගායනා කිරීම නීතිමය ගැටළුවක් නොවන්නේ්දැයි ජයන්ත රත්නායකගෙන් විමසූ අවස්ථාවේදී මෙතෙක් හෙලිනොවූ රහසක් හෙලි කරමින් ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා. එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම  බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ.  ඒ කිසිම හේතුවක් නිසා ‍නෙවෙයි. නීතිඥයකුගේ මාර්ගයෙන් එවලා තිබුණු ලිපියේ සඳහන් කරලා තිබුණේ මින් ඉදිරියට තාත්තාගේ ගීත ගායනා කරන්න එපා කියලා විතරයි. 

එහෙම ලිපියක් එව්වා කියලා තාත්තාගේ ගීත ගායනා කිරීම අපට තහනම් කරන්න ඔහුට අයිතියක් නැහැ. ඒ නිසා අපට විරුද්ධව තාත්තා නඩු දානතුරු තමයි  මමත් මේ බලාගෙන ඉන්නේ. 2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ජීවිත භුක්තිය තියාගෙන ‍නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් ‍නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි. 

තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග දැන් සිටින කාන්තාවගේ බලපෑම නිසා තමයි තාත්තා අපට ඒ වගේ ලිපියක් එවලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම තාත්තාගේ ගීත විතරක් වේදිකාවේ ගායනා කළේ නැහැ වෙනත් ප්‍රවීණ ගායකයන්ගේ පුත්තු තාත්තලාගේ ගීත ගායනා කරද්දී බොහෝ දෙනා අපෙන් විමසලා තියෙනවා ඇයි අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. අනික මෙච්චර කාලයක් වෙනත් සමහරු තාත්තාගේ ගීත ගායනා කරද්දිත් මම නිහඬව හිටියා. තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න මමයි මල්ලියි ඉන්න නිසා බයවෙන්න එපා කියලා තමයි මට දැන් රසිකයන්ට කියන්න තියෙන්නේ. 

පැවරීමේ ගිවිසුම

වර්ෂ දෙදහස් දහතුනක් (2013) වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී. මෙහි මින් මතු, පළමු පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන අතුරුගිරිය ඔරුවල  එගොඩවත්ත අංක 25/ඛි2 හි පදිංචි රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර් හෙවත් වික්ටර් රත්නායක (ජා.හැ. අංක 420492243ම)  එක් පක්ෂයකටද, මෙහි මින් මතු (දෙවන පාර්ශ්වය) යනුවෙන් හඳුන්වනු ලබන මාලඹේ මිහිඳු මාවතේ අංක 32/5 හි පදිංචි ජයන්ත රත්නායක (ජා.හැ. අංක 682210931ම) එක් පක්ෂයකටද බැඳී එම දෙපක්ෂය අතර හට ගන්නා ලද ගිවිසුමේ වගනම්. 

එසේ හෙයින් සියලු දෙනාම මෙයින් දත යුතුයි 

ඉහත කී පළමු පාර්ශ්වය තමා විසින් තනු නිර්මාණය කරන ලද සහ ගායනය කරන ලද සියලුම ගීත  ඕනෑම මාධ්‍යයක භාවිත කිරීම කර්තෘ භාගය එක්රැස් කිරීම සහ එකී නිර්මාණයන්හි නීත්‍යානුකූලව පැවැරුම් කිරීම සහ පාරිශ්‍රමිකයන් ලබා ගැනීම සම්බන්ධයෙන් පළමු පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට හා සියලුම කටයුතු කිරීමේ බලය ඉහත කී දෙවන පාර්ශ්වය වෙත පැවැරීම සම්බන්ධයෙන් මෙම ගිවිසුම හට ගනී. 

ගිවිසුමේ නියමයන් හා කොන්දේසි 

මෙම ගිවිසුමට එළඹීමට ප්‍රථම ඉහත සඳහන් කරන ලද ගී නිර්මාණ වල සම්පූර්ණ  හිමිකාරත්වය තමා සතු බවට පළමු පක්ෂය සහතික වේ. 

මෙම ගී නිර්මාණ වල අයිතිවාසිකම් බාහිර කිසිදු පුද්ගලයෙකුට පළමු පක්ෂය විසින් මෙම ගිවිසුමට පෙර පවරා නොමැති අතර මෙම ගිවිසුමෙන් අනතුරුව ඉදිරියේදී එසේ වෙනත් පුද්ගලයෙකුට එම කිසිදු අයිතිවාසිකමක් පැවැරීමට පළමු පක්ෂය කටයුතු නොකරන බවට එකී පක්ෂය එකඟ වේ. 

මෙම ගිවිසුම එළඹීමෙන් අනතුරුව, ඉහත සඳහන් කරන ලද පළමු පක්ෂයේ ගී නිර්මාණ සියලුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය, සංයුක්ත තැටි (CD) වීඩියෝ තැටි (DVD) අන්තර්ජාලය දුරකථන ජාලයන්හි සෑම භාවිතයක්ම නාද මාලා (Ring tone) යනාදිය සඳහා පළමු පක්ෂය වෙනුවෙන් පැවැරීමට හා එකී පාරිශ්‍රමිකයන් එක්රැස් කරගැනීමට පළමු පක්ෂය වෙනුවෙන් සියලු කටයුතු කිරීමේ බලය දෙවන පක්ෂය වෙත පැවැරීමට පළමු පක්ෂය එකඟවේ. 

තවද ඉහත සඳහන් ගිවිසුමේ නියම හා කොන්දේසි නිසි පරිදි කියවා තේරුම් ගැනීමෙන් අනතුරුව, ඒ සඳහා දෙපක්ෂය ඒ දෙපක්ෂය වෙනුවට සහ ඒ දෙපක්ෂයේ උරුමක්කාර, ‍පොල්මංකාර අද්මිනිස්ත්‍රාසිකාර, බලකාර, ලැබුම්කාරයන් වෙනුවටත් එකිනෙක පක්ෂය සමග මෙයින් වැඩිදුරටත් ‍පොරොන්දුව බැඳුනෝය. 

ඊට සාක්ෂි පිණිස ඉහත කී පළමු පක්ෂය හා දෙවන පක්ෂය යන දෙපක්ෂය මෙයින් මෙම වාසගම සහ දිනත් දරන තවත් ලියවිල්ලකටත් වර්ෂ 2013 ක් වූ අගෝස්තු මස 17 වන දින කොළඹදී අත්සන් තැබුවෝය. 

සාක්ෂි :

මීට සාක්ෂිකාරයන් වන අප මෙහි අත්සන් කළ දෙපක්ෂය හොඳාකාර අඳුනන බවද ඒ දෙපක්ෂයේ නියම නම්, රක්ෂාවල් සහ පදිංචි ස්ථානත් නිසියාකාර දන්නා බවද මෙයින් සහතික කොට ප්‍රකාශ කරමු. 

නීතිඥ අකලංක තරින්ද සේරසිංහ 
අංක 30, පාසල් මාවත, 
කළුබෝවිල,
දෙහිවල  

(ලක්බිම පුවත්පත ඇසුරින්)

No comments:

Post a Comment

Post Bottom Ad