හොරා කාපු හැටි විමල්ට වමාරන්න වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 12, 2018

හොරා කාපු හැටි විමල්ට වමාරන්න වෙයි


පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා පසුගිය පාලන කාලයේදී උපයාගත් රුපියල් මිලියන 75ක මුදල උපයාගත් ආකාරය පිලිබඳව විමසමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. 


කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තම සොහොයුරාගේ ටේලර් සාප්පුවේ සහයකයෙක් වශයෙන් ජීවිකාව ආරම්භ කළ විමල් වීරවංශ පසුව ජනතා විමුක්ති පෙරමුණට එක්ව කටයුතු කළේය. ඒ අතරතුර ලක්මිණ, ලක්දිව ආදි පුවත්පත්වල විශේෂාංග ලේඛකයෙක් වශයෙන් කටයුතු කළ ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර, එහිදි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්ති පාවාදීමක් මුල්කොට ගනිමින් විමල් වීරවංශ තම පක්‍ෂයෙන් නෙරපනු ලැබීය. ඉන් පසුව තමාගේම පක්‍ෂයක් බිහිකරගෙන මහින්ද රාජපක්‍ෂ රජයට මුක්කුවක් ගැසූ විමල් වීරවංශ හිටපු රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාය. 

මීට පෙර සිදුකළ පරීක්‍ෂණ වලදී තම සහෝදරයන්ට හා ඥාතීන්ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ඉදිකළ නිවාස කුණුකොල්ලයට ලබාදීම සම්බන්ධයෙන්ද විමල් වීරවංශට චෝදනා එල්ල වූ අතර, වීරවංශගේ සොයුරා හට බන්ධනාගාර ගත වන්නට පවා සිදුවිය. මෙවන් පසුබිමක විමල් වීරවංශ උපයාගත් මිලියන 75ක ආදායම පමණක් නොව, ඔහු ඉදිකර ඇති සුවිශාල මන්දිරයත්, බිරිඳගේ නමට ඇති දේපොල හා වත්කම් ප‍්‍රමාණයත් ඉදිරියේදි ප‍්‍රශ්න කෙරෙනු ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad