“මම ජිවිතේ එක තැනකදී වැටුණා , ඕනම කෙනකුට ජීවිතවල ප්‍රශ්න එන්න පුළුවන්” – සංගීත් සතරසිංහ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

“මම ජිවිතේ එක තැනකදී වැටුණා , ඕනම කෙනකුට ජීවිතවල ප්‍රශ්න එන්න පුළුවන්” – සංගීත් සතරසිංහ

සංගීත් සතරසිංහ කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කඩවසම් තරුවක්. පසුගිය කාලය පුරාවටම සංගීත් ගැන සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහ වෙන්නට පටන් ගත්තා.

ඔහුගේ කලා කටයුතු ගැන වගේ පුද්ගලික ජීවිතේ තොරතුරු ගැනත් සංගීත් සතිඅන්ත පුවත්පතක කියලා තිබුණේ මෙන්න මේ විදිහට…
සංගීත් ආයේ වැඩ පටන් ගත්තා?
ඔව්. මම හිතන විදියට අවුරුදු 2 1/2 ට පස්සේ වැඩ පටන් ගත්තා.
අලුත් අවුරුද්ද ජය ද?
අලුත් අවුරුද්ද මම හිතනවා අලුත් ආරම්භයක් සහ ජීවිතේ සුන්දරම කාලයක් පටන් ගන්න අවුරුද්දක් කියලා. ඉතින් අවුරුද්ද ජය වෙයි.
මේ දිනවල තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යයේ දකින්න ලැබෙනවා. ඇත්තටම සංගීත්ට ‘ජීවිතේ තව දුරයි ද?’
මගේ ජීවිතේ නම් සෑහෙන්න දුරයි. ඉතින් ඒ දුර හොයාගෙන යනවා.
කොහොමද මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු?
ඔව්. මම ආයෙමත් ටෙලි නාට්‍යවල වැඩ කරන්න පටන් ගත්තා. ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ මම ආයේ වැඩ කරනවා කියලා. සමහරුන්ට අමතක වෙලා. මම වෙනස් රූපයකින් සහ අවු. 2 1/2 ට පස්සේ ආපු නිසා ගොඩක් අයට සංගීත් සතරසිංහව අමතක වෙලා ගිහින්. යම් තරමින් දැන ගත්ත නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු මට කතා කළා. ඒ අතර ජනක කියන නිෂ්පාදකවරයා තමා මට කතා කළේ මේ නිර්මාණයට . ඉතින් මේක තමයි අවු. 2 1/2 ට පස්සේ මගෙන් එළියට ආපු පළමුවැනි ටෙලි නාට්‍යය.
හැබැයි ඔබගේ පියාගේ නිර්මාණවල ඔබව දකින්න ලැබුණා.
මම ඒ සියලුම දේවල් නවත්වලා අවු.2 2/1 ක් වෙනවා. ඒ කාලේ මට කොමඩි කරන්න පුළුවන් කියලා මම පෙන්නුවා. ඉතින් මම හිතුවා නැවතත් කොමඩි කරන්නේ නැහැ කියලා. තාත්තගේ නිර්මාණවලට දායක වෙන්නේ නැහැ කියලා. එයාගේ කොමඩි නිර්මාණවලින් ඈත් වෙලා මගේ ගමන මම ආපහු යනවා කියලා. සීරියස් වැඩවලට ටික කාලෙකට සීමා වෙන්න හිතුවා. කියන්නම ඕන, තවමත් ගොඩක් අය දන්නේ නැහැ මම ආයේ ඇවිත් කියලා. මම වැඩ කරනවා. මේ කවුද කියලා කට්ටිය දන්නේ නැහැ. ඒක නිසා සමහර දේවල් මිස් වෙලා තියෙනවා. මම හිතනවා 2018 වසර මිස් නොවන අවුරුද්දක් වෙයි කියලා.
ඒ කියන්නේ සංගීත් මේ අවුරුද්දේ ඉඳන් සීරියස් වැඩ කරන කෙනෙක්?
ඔව් ඔව්. සීරියස් වැඩ කරන කෙනෙක්.
ඇයි පසුගිය කාලේ දකින්න ලැබුණේ නැත්තේ?
මගේ පෞද්ගලික වැඩ කටයුතු කිහිපයක් නිසාම මම පොඩ්ඩක් රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඒ ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්න ටික කාලයක් ගත්තා. එදා හිටපු සංගීත්ව සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා අලුත් පුද්ගලයෙක් සහ අලුත් සංගීත් සතරසිංහ කෙනෙක් ක්ෂේත්‍රයට ගේනවා.
නැවත අපිට ඔබව එක දිගට ටෙලි නාට්‍ය හරහා දකින්න ලැබේවි?
ගුණාත්මක නිර්මාණවලට දායක වෙන්න අදහසක් තියෙනවා. ඉතින් එහෙම නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. බොහොම ඉක්මනින් ඒවගේ රූපගත කිරීම් ආරම්භ වෙයි. ඒ දේවල් වලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට වෙනස්ම දෙයක් දෙන්න පුළුවන් වෙයි සහ මම කැමැත්තෙන් ඉන්නවා ඒ වගේ දේවල් කරන්න.
සංගීත් කියන කෙනා ජීවිතයේ එක් තැනකදී වැටුණු කෙනෙක් නේද?
ජිවිතේ එක තැනකදී වැටුණු කෙනෙක් කියන්නේ, මම වැටුණා එක පාරක්. ඒ කකුල කැඩිලා ස්කොලේ දී. ඒක තමා මම වැටුණු තැනක් විදියට ගන්නේ ජීවිතේ. නැත්නම් මම වෙන කිසිම තැනක ජීවිතේ වැටිලා නැහැ. දිනපු එක විතරයි වුණේ. කෙනකුට ජීවිතවල ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕන තමන්ගේ පෞද්ගලිකත්වය කියන දේ තියාගෙන ඒ වැටෙන හැම තැනකදීම ඒක පන්නරයක් කරගෙන නැගිටින්න.
මිනිස්සු වැටි වැටි තමා ජීවිතය ජය ගන්නේ. ඒ දේට සංගීත්ට දැනේනේ කොහොමද?
අනිවාර්යෙන්. කිසිම කෙනකුට ලේසියෙන් දේවල් බන්දේසියේ තියලා හම්බවෙන්නේ නැහැ. අපි හරි සුන්දර පරිසරයකට යන්න නම් කටුක පාරවල්වල යන්න වෙනවා. හොඳ දේවල් බලාපොරොත්තුවෙන් කටු කාගෙන ඉදිරියට යන්න වෙනවා. වැටි වැටි තමා මිනිහෙක් නැගිටින්න ඕන. හැමදාම වැටෙන්න ඕන නැහැ.
සංගීත් ගායකයෙක් කියන දේ Facebook එකට විතරක් සිමා වෙලා ද?
එහෙම වෙන්නේ නැහැ. මගෙන් සමහරු අහනවා සිංදු කියන්න පුළුවන් නේද කියලා. මම ලොකු ගායකයෙක් නෙමෙයි. මගේ වෘත්තීය රංගනය. සහ මගේ හීනය වුණේ නළුවෙක් වෙන එක. එතැනට තමා මම ගමන හදා ගෙන යන්නේ. මම හිතනවා රංගන ශිල්පියෙකුට වෙනත් දක්ෂත­ාවයන් එකතු කරගන්න පුළුවන් නම් එ්ක හරි වටිනවා කියලා. සංගීතය කියන්නේ මගේ විනෝදාංශය. යම් නිර්මාණයක් කරන්නත් පොඩි අදහසක් තියෙනවා. බලමු ඉතින්.

No comments:

Post a Comment

Post Bottom Ad