අම්මා පුතාගේ පොරබැදිල්ලෙන් අවුරුදු 4ක දැරයිගේ මරුට - සිත් තැවුලෙන් මහප්පා කළ දේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 19, 2018

අම්මා පුතාගේ පොරබැදිල්ලෙන් අවුරුදු 4ක දැරයිගේ මරුට - සිත් තැවුලෙන් මහප්පා කළ දේ මෙන්න



යාපනය පොතුවිල් මන්සන්ධියේදී මව හා පුතා අතර පිහියක් සමග ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් වයස අවුරුදු 4 ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දැරිය ජීවිතක්ෂයට පත්වීම ගැන සිත්තැවුලට පත්වූ දැරියගේ ලොකු තාත්තා වස පානය කොට සිය දිවි හානි කරගෙන ඇති අතරම තරුණ කැපුම් තුවාල සහිතව මවද යාපනය මහරෝහලට ඇතුලත් කර ඇති බවයි යාපනය කෝපායි පොලීසිය කියා සිටියේ.

අවුරුදු 4 වයසැති දැරිය ඇයගේ ආච්චි සමග නිවසේ සිටින අවස්ථාවේදී ආච්චිගේ පුතෙකු නිවසට පැමිණ මව සහ පුතා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුතා විසින් පිහියකින් මවට පහරදෙන අවස්ථාවේදී ඊට දැරිය මැදිහත් වී ඇති අතර අදාල පිහි පහරවලින් පළමුව මවට දරුණු කැපුම් තුවාල සිදුව ඇති අතරම පසුව මැදිහත් වූ දැරියගේ බෙල්ල ප්‍රදේශයෙන්ද කැපී ඇති බව සඳහන්.

කැපුම් තුවාල සහිතව ඇද වැටුණු දැරිය එම අවස්ථාවේදීම යාපනය මහරෝහලට රැගෙන ආවද ඒ වන විටත් දැරිය ජීව්තක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. ඉන් සිත් තැවුලට පත් දැරියගේ ලොකු තාත්තා වස පානය කොට සියදිවි හානි කරගෙන ඇති අතරම පුතාගේ පිහිපහරින් කැපුම් තුවාල සහිතව මව යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට කෝපායි පොලීසිය කියා සිටියේ.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව  ඇත්තේ සිව් හැවිරිදි ධනූෂණ් ඩිලක්ෂණී හා සියදිවි හානි කරගත් ලොකු තාත්තා ගුණරත්නම් ඩැනීෂ්වරන් යන අයයි. කැපුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ගුණරත්නම් පරමේෂ්වරී යන අය වන අතර යාපනය කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

No comments:

Post a Comment

Post Bottom Ad