මහ බැංකුවයි, භාණ්ඩාගාරයයි එකට තිබ්බා නම් හොරකම් කරන්න අමාරුයි කියා අගමැති 360දී කියයි.. බැදුම්කර වංචාවෙන් පසුත් ජනතාව නැවත ඡන්දය දුන් බවත් කියයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

මහ බැංකුවයි, භාණ්ඩාගාරයයි එකට තිබ්බා නම් හොරකම් කරන්න අමාරුයි කියා අගමැති 360දී කියයි.. බැදුම්කර වංචාවෙන් පසුත් ජනතාව නැවත ඡන්දය දුන් බවත් කියයි..[Video]

මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කලේ පක්ෂ අරමුදලට මුදල් හම්බ කර ගැනිමට නේද යන්න ඊයේ දෙරණ 360 වැඩසටහනට සහභාගි වු එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැඩසටහන මෙහෙයවු දිල්කා විමසු අතර, එවිට අගමැතිවරයා පිලිතුරු දෙමින් පැවසුවේ ” දෙක එකට තිබ්බා නම් හොරකම් කරන්න අමාරු බවයි.

එමෙන්ම මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී එංගලන්තයේ වෙස්මිනිස්ටර් ක්‍රමයට අනුව ඔබතුමා ඉවත් වී පරික්ෂණය කලා නම් හොදයි නේද? යන්න ප්‍රශ්නයට පිලිතුරු දුන් අගමැතිවරයා පැවසුවේ තමා ඉවත් විය යුත්තේ ඇමති ධූරයෙන් ද අගමැති ධූරයෙන් ද යන්න පෙරලා දිල්කාගෙන් ප්‍රශ්න කලේ ය.

එම තනතුරු දෙකෙන්ම වුනා නම් හොදයි නේ ද? කියා එහිදි දිල්කා විමසු අවස්ථාවේ එයට පිලිතුරු දුන් අගමැතිවරයා පැවසුවේ බොන්ඩ් වංචාව සිදු වූ පසුත් නැවත ජනතාව ඡන්දයකින් තමන් පත් කල බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad