තෙල් ලීටරයකින් රුපියල් 30ක් පාඩුයි.. නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම් හලේ පොම්පවලට සීල් තබයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

තෙල් ලීටරයකින් රුපියල් 30ක් පාඩුයි.. නාවල පාරේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම් හලේ පොම්පවලට සීල් තබයි…

කොළඹ රාජගිරිය – නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලට සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රියේ (17) පියවර ගනී.

ඉන්ධනහල්වල පොම්ප යොදා ගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීම නීතිවිරෝධී ක්‍රියාවකි. එම වරද නාවල ඉන්ධන පිරවුම්හලේ සිදු කෙරුණු බව විශේෂ හදිසි වැටලීම් ඒකකය විසින් අනාවරණය කර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් වන තුරු ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල්තැබූ බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටී.

මේ වන විට භූමිතෙල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසිල් අලෙවි කරනුයේ එක් ලීටරයකින් රුපියල් 30ක පමණ පාඩුවක් ලබමිනි. එය පාඩුවකට වඩා මහජනතාවට ලබා දෙන සහනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සලකයි. එසේ තිබියදී මහජනතාවට ලබාදෙන සහනය අයුතු ලෙස කූට පුද්ගලයින් අවභාවිත කිරීම ගැන විශේෂ අවධානයක් යොමුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා පවසයි.

එබැවින් මෙවැනි අක්‍ර‍මිකතා සිදු කරන්නන්ට එරෙහිව ආයතනික නීතියත් රටේ නීතියටත් අනුව දැඩිව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු අවධාරණ කරයි. මතභේදයට තුඩුදුන් ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල් තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව ගැන කණගාටුව ප්‍ර‍කාශ කරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

– තමීර මංජු

No comments:

Post a Comment

Post Bottom Ad