JVP සහ පෙරටුගාමීන් රොත්තකුත් මෛත්‍රී ළඟට. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

JVP සහ පෙරටුගාමීන් රොත්තකුත් මෛත්‍රී ළඟට.

ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් පසුවන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය.

මේ පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 12 දෙනෙකු, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු 04ක් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 08 ක් ද සිටින බව අදාළ ප්‍රකාශකයෙ කීය. පෙරටුගාමී පක්ෂයේ සිටි ප්‍රබලයින්ද ඇතුළුව 61 දෙනෙකු සිරිසේන මහතා සමඟ අනිදා (13) එක්වන බවද පැවසේ.

අවුරුදු 17ක් නිදහස් පක්ෂයට කඩේ ගියා...

තමන් වෙනත් පක්ෂවල සිටියද, වසර 17ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කඩේ ගිය බව අද (11දා) ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය. අද සිට කඩේ සිට බිස්නස් එක පවත්වාගෙන යන බවත්, ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් මෙම ගමනට එක්වීමට නියමිත බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්නොවුණු බවයි.mඑහෙත් යම් වගකීමක් ලබාදුන හොත් එය ඉටුකිරීමට සූදානම් බවද ඔහු පැවසීය.

2020 එජාප ජයග්‍රහණය වළක්වනවා...

අද දිනයේදී ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ, 2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා උපරිම උත්සාහ ගන්නා බවයි. අද දිනයේදී ශ්‍රීලනිප සාමාජිකත්වය ලබාගත් උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්විය.

No comments:

Post a Comment

Post Bottom Ad