ශ්‍රීලනිපය දෙකඩ කරන දෙදෙනාව දයාසිරි හෙළිකරයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

ශ්‍රීලනිපය දෙකඩ කරන දෙදෙනාව දයාසිරි හෙළිකරයි !

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමට කටයුතු කරන්නේ නාමල් රාජපක්‍ෂ හා ප‍්‍රසන්න රණතුංග යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බව ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය. ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය එක් කිරීමේ අවසන් සාකච්චාව පැවති බවත් එයද අසාර්ථක වූ බවත් කී ඇමති දයාසිරි එම සාකච්චාවලදී ඇමති ඩිලාන් පෙරේරා මහතා ආයාචනා කල හැකි උපරිමයෙන් ආයාචනා කල බවද කීවේය.

මේ වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා පක්‍ෂයක් ගම් ඇතුලේ නැති බවත් උපරිම ලෙස අපේක්‍ෂකයන් දෙන්නෙක් තුන් දෙනෙක් එම පක්‍ෂය විසින් දිනා ගනු ඇති බවත් ඇමතිවරයා සදහන් කලේය. එම තත්වය මත ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ යනුයෙන් පක්‍ෂයක් මැතිවණයෙන් පසු පවතීදැයි තමනට දැකයක් පවතින බවද ඔහු කීය.

No comments:

Post a Comment

Post Bottom Ad