ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad