'අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ' - විමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 17, 2017

'අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ' - විමල්

විමල් වීරවංශ සම්බන්ධයෙන් ඇමති එස්බී පසුගියදා කියූ දෙයකට විමල් පිළිතුරු සපයා තිබේ. මන්ත්‍රීවරයා කලකිරීමෙන් සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් සමග සාකච්ඡා අරඹා ඇති බවත් අමාත්‍ය
එස්.බී කියා ඇත්තේ මුසාවක් බව, මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියි. 

ඒ ගැන ඔහු මෙසෙ දන්වයි. 

"ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැති කම ලද S.B. දිසානායක මහතා අද මාද්‍යයට පවසා ඇත්තේ මා සිටින්නේ කලකිරීමෙන් බවත් මා ද ලගදීම ඔව්න්ගේ ආන්ඩුව සමග එක්වන බවත් ය. Sb ට මෙන්ම අපේ සමහරුන්ටද උවමනා වි ඇත්තේ කලකිරීම් නැතිනම් කලකිරීම් ඇති කරවා හෝ sb ලා වැටී සිටින අසූචි පිරුනු වලට අපවද බස්සවා ගන්නටය. අපේ සමහරුන් ඒ වලට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසාය.

Sb ලා අප ගැනද සිතන්නේ ඒ මට්ටමින්නම් මට කියන්න ට ඇත්තේ sb ට හොදටම වැරදී ඇතැයි කියාය. කෙටියෙන් කියන්න ට ඇත්තේ මෙපමනකි.. කලකිරීම් තිබුනත් නැතත් S.B මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැත. ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමන වලට එලබීමෙන් වලකින්න"

No comments:

Post a Comment

Post Bottom Ad