රාජගිරියේ කුලියට ගත් හිස් ගොඩනැගිල්ල සල්ලි ගිලියි .. තවත් කෝට් හය හමාරක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

රාජගිරියේ කුලියට ගත් හිස් ගොඩනැගිල්ල සල්ලි ගිලියි .. තවත් කෝට් හය හමාරක්!

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී හා පළාත් පාලන ආයතන බදු වියදම් සඳහා අතිරේක ප‍්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් හය කෝටි හැට ලක්‍ෂ හතළිස් දහසක මුදලක් ද වාහන ලබා ගැනීමට අට ලක්‍ෂයක මුදලක් ද කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙනුවෙන් අතිරේක ප‍්‍රතිපාදන සැපයීමට හය කෝටියක් ද මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad