ඡන්දෙ කාලෙ බඩු බෙදුවට අවුලක් නෑ.. එදා ඔළුවට වෙඩි තියන්නැයි කියු මැකො අද කියන කතාව.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 23, 2017

ඡන්දෙ කාලෙ බඩු බෙදුවට අවුලක් නෑ.. එදා ඔළුවට වෙඩි තියන්නැයි කියු මැකො අද කියන කතාව..

මැතිවරණය කැදවීමට පෙර බෙදාදීමට තීරණය කරන ලද භාණ්ඩ මැතිවණ සමයේදී බෙදීමට මැති ඇමැතිවරුන්ට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනතාවට භාණ්ඩ බෙදීමට රජයේ තීරණය අනුව හැකි බවත් ඒවා බෙදීමට තීරණය ගත්තේ මැතිවරණයකට පෙර නම් ඊට විරුද්ධ විය නොහැකි බවත් ඔහු සදහන් කරයි. උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ දින 45 කුකුළු පැටවුන් බෙදීමට ඇතිනම් උන් කූඩුවල මැරෙන්නට නොදී බෙදා දිය යුතු බවයි.

පසුගිය රජය සමයේ සිල්රෙදි බෙදු අවස්ථාවේදීත් ඒ ගැන දැනුවත් කළා මිස බලය තදබල ලෙස නොයෙදූ බවත් ඔහු කීය. මැතිවරණ සමයේ ආණ්ඩුවට භාණ්ඩ බෙදා දිය හැකිදැයි විමසු විට සභාපතිවරයා මෙම අදහස් පල කලේය. මැතිවරණ නීති කැඩුවහොත් දණහිසෙන් පහලට නොව ඔළුවට වෙඩි තියන්නැයි පසුගිය ආණ්ඩු සමයේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයකි.

No comments:

Post a Comment

Post Bottom Ad