සන්ධාන පළමු ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන් හපුතලේදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 17, 2017

සන්ධාන පළමු ජනහමුව ජනපති ප්‍රධානත්වයෙන් හපුතලේදී


මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව අද (17දා) පසුවරුවේදී හපුතලේදී පැවැත්විණි. ලංකා වතු කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති සුගුමාරන් නායර්, හපුතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි  අශෝක උදයකුමාර යන මහත්වරුන් ද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට එක්ව තිබේ.‍

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad