ඡන්දෙන් පස්සේ ශ්‍රිලනිප - පොහොට්ටුවට එක් වෙනවා - සුසිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 28, 2017

ඡන්දෙන් පස්සේ ශ්‍රිලනිප - පොහොට්ටුවට එක් වෙනවා - සුසිල්


එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීම සඳහා වෙනත් කණ්ඩායමක් හා එක්විමට සිදුවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පුමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනිවාර්යයෙන්ම එක්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කරන්නේත් ශ්‍රී.ල.නි.ප. යේ කොටසක්ම බව කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය හා එක්විය යුතු නැතැයිද කීය.

මෙවර පක්ෂය කණ්ඩායම් දෙකක් ලෙස වෙන වෙනම තරඟ කළත් එම දෙපාර්ශවයට ලැබෙන ඡන්ද ප්‍රමාණය එක් කළ විට සියයට 55ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිවනු ඇතැයි කී අමාත්‍යවරයා එම දෙපාර්ශවයේම සිටින්නේ ප්‍රගතිශීලීන් යැයිද කියා සිටියේය. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණය කර බහුතරයක් ලබාගත නොහැකිවුවහොත් එ.ජා.ප. ය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීමට සිදුවෙනවා නේද? එසේ වුවහොත් එක්වන්නේ කුමන කණ්ඩායම සමගද? යනුවෙන් මාධ්‍යවේදියකු නැගු ප්‍රාග්නයකට පිළිතුරු දෙමිනි. 

මැතිවරණය පැවැත්වෙන ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවලින් සියයට 90 ක පමණ කිසිම පක්ෂයකට බහුතර බලයක් නොලැබෙනු ඇතැයි කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවල පක්ෂයක් හෝ කණ්ඩායමක් සමග එක්වන්නේ යැයිද කීවේය. ඉතිහාසය තුළ ප්‍රගතිශීලී කඳවුරු බෙදුණු සැම අවස්ථාවකම ප්‍රතිගාමී කඳවුරට වාසියක්වුවත් මෙවර එසේ නොවනු ඇතැයි තමා සිතන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී සියලු දෙනා ඒකරාශි කරගෙන මහින්ද රාජපක්ෂ මහතා සභාපතීත්වය දරන “පුටුව' ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විශාල උත්සාහයක් දැරූ නමුත් අවාසනාවකට මෙන් එය අසාර්ථක වූ බව ද ඇමැතිවරයා කියා සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad