ලංකාව දිනවන්න ගෙන්වූ හතුරුසිංහට වෙන දේ අර්ජුන දැන්ම කියයි.. දයාසිරිට මිනිස්සු හිනාවෙනවා.. ආණ්ඩුව ගැන කණ්ගාටුයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 24, 2017

ලංකාව දිනවන්න ගෙන්වූ හතුරුසිංහට වෙන දේ අර්ජුන දැන්ම කියයි.. දයාසිරිට මිනිස්සු හිනාවෙනවා.. ආණ්ඩුව ගැන කණ්ගාටුයි…

නුසුදුසු පුද්ගලයින් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි වීමෙන් ක්‍රීඩා ඇමැතිට මිනිස්සු හිනා වෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

තංගල්ල වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය. නව පුහුනුකරු හතුරුසිංහ යටතේද තරග පැරදුනහොත් එම පරාජයන් ඔහුගේ ඇගට දමනු ඇති බවද ඔහු කියයි. සුදු කාරයන් ක‍්‍රිඩාවෙන් එළියට යන තෙක් ක‍්‍රීඩාව හදන්න බැරි බවද ඔහු එහිදී පැවසීය.

වසර දෙකක් තිස්සේ ක‍්‍රීඩකයන්, නායකයන් මෙන්ම ක‍්‍රිකට් ආයතනයේ සේවකයන් පවා මාරු කලත් සබාපති උප සබාපති මාරු නොකල බවත් එසේ කිරීමට ක‍්‍රිඩා ඇමතිට නොහැකි බවත් ඇමතිවරයා වැඩි දුරටත් චෝදනා කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad