ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ සහභාගිවන පළමු තරගාවලිය ලෙස සිම්බ්බාව්වේ, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවැත්විමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය බවට පත්ව ඇත. තුන්කොන් එක්දින තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් හා විස්සයි20 තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය.
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ඩකාහිදී පැවැත්වෙන අතර චිතගොන් සහ ඩකා හිදි ටෙස්ට් තරග දෙකත් ශිලාත් සහ ඩකාහිදි විස්සයි20 තරග දෙකත් පැවැත්වීමට නියමිතව ඇත. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක සමගින් එක් කණ්ඩායමක් තරග දෙක බැගින් ක්‍රීඩා කරන අතර ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය ජනවාරි 25 වැනිදා පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පත්වීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකාව මෙහෙයවන පළමු තරගාවලිය මෙය වෙයි.බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන්නේ චන්දික හතුරුසිංහයි. ඒ අනුව ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව එම එක්දින සංචාරය සදහා 23දෙනෙකුගෙන් යුත් මුලික සංචිතයක් නමි කර ඇති අතර එම නම් කළ සංචිතය බංගලාදේශ සංචාරය සදහා පිටත්ව යන තෙක් එම ක‍්‍රීඩකයින් පළමු පෙළ තරගවලට සහභාගී කර නොගන්නා ලෙසටද නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉල්ලා ඇති බව ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් වාර්තා වෙයි.
ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා හතුරුසිංහ කළ ඉල්ලීමට කැමැත්ත පළ කර ඇති අතර පළමු පුහුණු සැසිය දෙසැම්බර් 28වැනිදා ආරම්භක කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත් එම නම් කළ සංචිතය සදහා ප‍්‍රබල වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් කර නොමැති අතර ඉන්දීය සංචාරයෙන් ඉවත් කෙරුණු කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට කැදවා ඇත.
බංග්ලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ජනවාරි 15 දා පැවැත්වීමට නියමිත එක්දින තරගයෙන් තුන්කොන් තරගාවලිය ආරම්භ වෙයි.
තුන්කොන් එක්දින තරගාවලියේ කාල සටහන..
ජනාවාරි 15 – සිම්බාබ්වේ – බංග්ලාදේශය
ජනවාරි 17 – සිම්බාබ්වේ – ශ්‍රී ලංකාව
ජනවාරි 19 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 21 – ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
ජනවාරි 23 – බංග්ලාදේශය- සිම්බාබ්වේ
ජනවාරි 25 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 27 – අවසන් මහ තරගය
ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය..
ජනවාරි 31 – පෙබරවාරි 4 – පළමු ටෙස්ට් තරගය
පෙබරවාරි 8 – පෙබරවාරි 12 – දෙවැනි ටෙස්ට් තරගය
ශ්‍රී ලංකා බංග්ලාදේශ විස්සයි20 තරගාවලිය..
පෙබරවාරි 15 – පළමු විස්සයි20 තරගය
පෙබරවාරි 18 – දෙවැනි විස්සයි20 තරගය
Saturday, December 23, 2017
Home
ක්‍රීඩා පුවත්
‘හතුරුගේ ඉල්ලීමට තිලංග කැමති වෙයි..මාලිංග හලයි.. මෙන්ඩිස්,චන්දි කැදවයි..’බංගලි සංචාරයට නම් කරන ලද ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න
‘හතුරුගේ ඉල්ලීමට තිලංග කැමති වෙයි..මාලිංග හලයි.. මෙන්ඩිස්,චන්දි කැදවයි..’බංගලි සංචාරයට නම් කරන ලද ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment