පොහොට්ටු කාර්යාලයේ මහ කලබල.. නාම යෝජනා ඉල්ලා විරෝධතා.. පොලිස් ආරක්‍ෂාව යොදන්න වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

පොහොට්ටු කාර්යාලයේ මහ කලබල.. නාම යෝජනා ඉල්ලා විරෝධතා.. පොලිස් ආරක්‍ෂාව යොදන්න වෙයි..

බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ මේ දිනවල දැඩි උණුසුම් තත්වයක් පවතින බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා අපේක්‍ෂකත්වයන් සම්බන්ධයෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බවත සදහන්ය. රට පුරා එක් පක්‍ෂයකට ලබා දිය හැකි නාම යොජනා මෙන් සිවු ගුණයක් පමණ පොහොට්ටුවෙන් තරග වැදීමට අපේක්‍ෂකත්වයන් බලාපොරොත්තු වෙමීන් සිටින බවත් ඔහු සදහන් කලේය.

මේ තත්වය වලකා දීම සදහා නාම යෝජනා සම්මුක පරීක්‍ෂණ දිස්ත‍්‍රික් මට්ටමට යොමු කර ඇතත් ඉන් සුදුසුකම් නොලැබූ පිරිස් විසින් නෙලූම් මාවත මූලස්ථානයට පැමිණ මෙසේ සිය කණගාටුව පල කරන බවද වාර්තා වෙයි. මේ තත්වය මත ඉදිරියේදී පක්‍ෂ කාර්යාලයට පොලිස් ආරක්‍ෂාය යෙදමීයට සිදුවනු ඇති බවද ප‍්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad