"ඕක මොකද්ද දරුවො, මේ රටේ විධායක ජනාධිපතිවරයා වෙලා හිටිය මම මේ දැන් කුරුණෑගල මන්ත්‍රි වෙලා ඉන්නේ" හැමෝම හිනාගස්සමින් හිටපු ජනපතිවරයා කියූ කතාව .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

"ඕක මොකද්ද දරුවො, මේ රටේ විධායක ජනාධිපතිවරයා වෙලා හිටිය මම මේ දැන් කුරුණෑගල මන්ත්‍රි වෙලා ඉන්නේ" හැමෝම හිනාගස්සමින් හිටපු ජනපතිවරයා කියූ කතාව .!

එලබෙන පලාත් පාලන මැතිවරණය නිසා දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබේ.  ඒකාබද්ධ විපක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ පොදුජන පෙරමුණ නැමැති නව පක්ෂයක් වටා ගොඩ නැගුනු සංධානයකිනි.  පළාත් පාලන මැතිවරණයේ වැඩි වශයෙන් අවදානය යොමු වන්නේ කොළඹ මහ නගර සභාවටය.  මේ අතර කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා හමුවීමට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියූ රසවත් කතාවක් පිළිබදව වාර්තා වේ.

සිදුවීම සැකෙවින් මෙසේය,

කොළඹ පුරපති අපේක්ෂක සදහා මෙවර පොදුජන පෙරමුණේ අවසන් තෝරා ගැනීම වී ඇත්තේ හිටපු නගරාධිපතිවරයකු මෙන්ම නාගරික කොමසාරිස්වරයකු ද වන ඕමාර් කාමිල්ය. ඔහු 1997දී කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පත්වූ අතර ඉන්පසු 1999 වසරේදී නගරාධිපතිවරයා ලෙස පත් විය. 2006 වසරේ සිට කාමිල් මහතා නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර මේ නිසා පොදුජන පෙරමුණ කොළඹට සුදුසුම අපේක්ෂකයා තෝරාගෙන තිබෙන බව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් විය.

එහෙත් අවසාන මොහොතේ සියල්ල වෙනස් විය. ඕමාර් කාමිල් සිය අපේක්ෂකත්වය භාර ගැනීමට සූදානම් නැති බවට පොදුජන පෙරමුණට ආරංචි ලැබෙන්නේ පෙරේදාය. මේ ස්ථාවරය වෙනස් කර ගැනීමට බොහෝ දෙනා කතා කළත් ඔහු කියා තිබුණේ තමන් මේ තනතුර භාර නොගන්නේ පවුලේ උදවියගේ ඉල්ලීම නිසා බවය. අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඕමාර් සොයා ඔහුගේ නිවෙසට ගියේය.

හිටපු ජනාධිපතිවරයාව පිළිගෙන කෙටි පිළිසඳරකින් අනතුරුවම ඕමාර්ගේ බිරිය කතාවට ප්‍රවේශ වුණාය.

"ජනාධිපතිතුමනි මේ රටේ හැම දේශපාලන නායකයාටම වඩා අපි ඔබතුමාට ගරු කරනවා. ඒත් ඕමාර් ඡන්දෙ ඉල්ලනවට අපි පවුලක් හැටියට එකඟ නෑ. එයා මෙච්චර කල් දේශපාලනය කළා. අපිට අපේ පෞද්ගලික ජීවිතවලින් සෑහෙන කාලයක් ඒකට ඉන්න නැති වුණා. ඉතිරි කාලය පවුලක් විදියට එකට ගත කරන්න ඕන. ඒකයි සර් එයාව ඡන්දෙට යවන්නෙ නැතිව ඉන්න අපි පවුලක් විදියට කල්පනා කළේ"

හිටපු ජනපතිවරයා කතාව ඇරැඹුවේය. "ඕමාර් කියන්නේ කොළඹ ජනතාවට වැඩ කරන්න හොඳ නායකයෙක්. අපි ඒකයි ඕමාර්ව අපේ අපේක්ෂකයා විදියට යෝජනා කළේ" මේ කතාව අතර ඕමාර්ගේ පුත්‍රයාත් කතාවට මැදිහත් විය.

"සර්, බැරිවෙලාවත් ඡන්දෙන් තාත්තා පැරැදුණොත් මොකද වෙන්නේ"

"එතකොට එයා විපක්ෂ නායක වෙනවා" පිළිතුරු දී හිටපු ජනපතිවරයා සිනාසුනේය.

"ඉතින් ඒක වැඩක් නෑනේ සර්...."

"ඕක මොකද්ද දරුවො.... මේ රටේ විධායක ජනාධිපතිවරයා වෙලා හිටිය මම මේ දැන් කුරුණෑගල මන්ත්‍රි වෙලා ඉන්නේ. එහෙම තමයි දේශපාලනයේ හැටි" 

හිටපු ජනාධිපතිවරයාගේ කතාවට සියල්ලෝම එක්ව සිනාසුණහ. "ඔයාලා පවුලක් විදියට ගත්තු තීන්දුවක් මේක. ඔයාලාගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න මට බැහැ. මේ තීන්දුව පිළිබඳ ඕමාර් එක්ක මගේ කිසිම ගැටලුවක් නෑ. අවසානයේ මහින්ද කීවේය. මහින්ද ඕමාර්ගෙන් සමුගත්තේ තවත් ටික වේලාවක් සුහද පිළිසඳරක යෙදීමෙන් අනතුරුවය.

No comments:

Post a Comment

Post Bottom Ad