ඒකාබද්ධයෙන් හා එජාපයෙන් පිරිසක් ශ්‍රීලනිපයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

ඒකාබද්ධයෙන් හා එජාපයෙන් පිරිසක් ශ්‍රීලනිපයට

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර කුරුප්පු මහතා සහ හිටපු උප සභාපති එල්.ටී. විජේවර්ධන යන මහත්වරුන් අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ඔවුන් මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කළ බවද ජනපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි. එමෙන්ම එජාප ක්‍රියාකාරීන් වන දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තෝමස් චමින්ද සහ දැරණියගල එජාප බල මණ්ඩලයේ ලේකම් ඒ.වී.පියරත්න යන මහත්වරුන් ද ජනාධිපතිට සහය දීමට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad