පොහොට්‌ටුවට 52%යි.. එජාපයට 34%යි.. බුද්ධි අංශ වාර්තා කියයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 16, 2017

පොහොට්‌ටුවට 52%යි.. එජාපයට 34%යි.. බුද්ධි අංශ වාර්තා කියයි…

බුද්ධි අංශ සමීක්‍ෂණ වාර්තා අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට පනස්‌ දෙකක (52%) ඡන්ද ප්‍රතිශතය පොහොට්‌ටුවටත් සියයට තිස්‌හතරක්‌ (34%) එ.ජා.ප.යටත් හිමිවෙන බව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විරුද්ධව අද රටේ තිබෙන ප්‍රධානම ශක්‌තිමත්ම බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය යටතේ ගමේ බලය පළාත් පාලන මැතිවරණයෙන් ස්‌ථිර වශයෙන්ම ලැබෙන බව ද හෙතෙම පැවසීය. කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවට තරග කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාමයෝජනා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ තේරීම්භාර නිලධාරිට බාරදීමෙන් අනතුරුව පක්‍ෂයේ ආධාරකරුවන් සමඟ මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් හෙතෙම එසේ සඳහන් කළේය.

වයඹ පළාත් සභා මන්ත්‍රී ජෙහාන් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය.

– Divaina

No comments:

Post a Comment

Post Bottom Ad