සනී ලියොන් 2018 සමරන්න ආවොත් යුව සේනා දිවිනසාගන්නවලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 16, 2017

සනී ලියොන් 2018 සමරන්න ආවොත් යුව සේනා දිවිනසාගන්නවලු

සනී ලියොන් 2018 සමරන්න ආවොත්  
යුව සේනා දිවිනසාගන්නවලු

ඉන්දියානු සරාගී නිළි සනී ලියොන් එළැඹෙන දෙසැම්බර් 31 වනදා ඉන්දියාවේ බැංගලරු ප්‍රදේශයේ පවත්වන්නට නියමිත '2018 නව වසර උදාවේ උත්සවය' ට සහභාගීවීම නවත්වන්නැයි ඉල්ලමින් ඇගේ ඡායාරූප ගිනිතබමින් සිකුරාදා (15) විරෝධතා කරුවන් පිරිසක් කලබල කර තිබේ.

කර්ණාටක රක්ෂණ වේදික යුව සේනා නමැති මෙම සංවිධානය දන්වා සිටින්නේ එම ප්‍රදේශයේ මේ දක්වා පැවති නව වසර උදාවේ උත්සව ඉතා චාම් ලෙස පැවති බවත් කාන්තාවන් සාරි පමණක් හැඳගෙන පැමිණි විනීත උත්සවයක් වූ බවත්ය. නමුත් සනී ලියොන් එහි කොට ඇඳුම් ඇඳගෙන ඇවිත් විකාර කරනු ඇති බවත් ඇඳුම වෙනස් කරන් ආවත් සනීගේ නිල් චිත්‍රපට ඉතිහාසය නිසා ඇය වැනි තම සංස්කෘතියට නොගැළපෙන කෙනෙකුට එවැනි වැදගත් උත්සවයකට කැඳවීම ගැළපෙන්නේ නැති බවත්ය.

යම් හෙයකින් තම විරෝධතාව නොතකා සනී පැමිනියොත් දිවිනසාගන්නා බවටද මෙම යුවසේනා කණ්ඩායම තර්ජනය කර තිබේ. ඉන්දියාවේ අනෙක් පෙදෙස් වල ගැටලුවක් නැති වුවද කන්නඩ බස කථාකරන පිරිස් ලියොන් පිළිකුල් කරන බවද ඔවුන් දන්වා ඇත.
කෙසේ වෙතත් පසුගිය කාලයේ සනී ලියොන් කන්නඩ චිත්‍රපට කිහිපයක චරිත නිරූපණයටද දායකවී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad