පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා (photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා (photos)

තමන් ඉගෙනුම ලැබන පාසලේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව සිටින විභාග අපේක්ෂකයකු සම්බන්ධයෙන් පලාගල අධ්‍යාපන කොට්ඨාසයේ මානේරුව මහ විද්‍යාලයෙන් වාර්ථා වෙනවා.

මෙලෙස අපහසුතාවයට සහ අසාධාරණයට පත්ව ඇත්තේ පලාගල
අධ්‍යාපන කොට්ඨාසයට අයත් මානේරුව මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන, මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එච්.එම්.සජිත් අශෝක බංඩාර නැමැති ශිෂ්‍යායි. ඔහු නෑගම්හ අඹගස්වැව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්.

පළමු වසරේ සිටම වසර 11ක් පුරා මෙම සිසුවා නොකඩවා අධ්‍යාපනය ලබා ඇත්තේ මානේරුව මහ විද්‍යාලයෙන්.  කථන ආබාධයකින් පෙළෙන මෙම දරුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි නමුත් දරුවා පාසැල් අපේක්ෂකයකු ලෙස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කිරීමට අයදුම්පත් යොමු කිරීමට දරුවා ඉගෙනුම ලබන විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර තිබුණේ නැහැ.

මේ නිසා තම දරුවාට පෞද්ගලික අපේක්ෂකයකු ලෙස වෙනම විභාගයට පෙනී සිටීමට සිදුව ඇති බවයි දෙමව්පියන් පෙන්වා දෙන්නේ. ඒ අනුව කථනාබාධයකින් පෙළෙන මෙම දරුවාට විභාග අංක 77859995 යටතේ ආඬියාගල මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයකදී පෞද්ගලික විභාග අපේක්ෂකයකු ලෙස විභාගයට පෙනී සිටීමට සිදුව තිබෙනවා.

එහිදී ඔහුට සිදුව ඇති තවත් අසාධාරණයක් වන්නේ නව නිර්දේශය සඳහා සූදානම් වූ ඔහුට එහිදී මුහුණ දීමට සිදුව ඇත්තේ පැරණි නිර්දේශය යටතේ වූ අනපේක්ෂිත ප්‍රශ්ණ පත‍්‍රවලටයි. සිද්ධියේ බරපතලකම පසුව තේරුම්ගත් විදුහල්පතිවරයා, සිය නිවසට පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුටත් තොරතුරු හෙළි නොකරන ලෙස තමන්ට පැවැසූ බවද දරුවාගේ දෙමව්පියන් සඳහන් කළා.

එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් මානේරුව මහ විද්‍යාලයේ විදුහල්පති රංජිත් කේ.ගුරුසිංහගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියා.

" ඒ දරුවා පෞද්ගලික අයදුම්කරුවකු ලෙස අයදුම් කළ අවස්ථාවේ විෂය නිර්දේශය සම්බන්දයෙන් ගැටඵවක් නම් තිබුනේ නැහැ. දරුවාගේ සාධන මට්ටම ප‍්‍රමාණවත් නොවූ නිසා පාසල් අයදුම්කරුවකු ලෙස විභාගය අසමත්වෙයි කියල තමයි අපි පාසල් අයදුම්කරුවකු ලෙස විභාගයට ඉදිරිපත් නොකර පෞද්ගලික අයදුම්කරුවකු ලෙස ඒ දරුවා විභාගයට ඉදිරිපත් කරන්න කටයුතු කළේ. ඒ ගැන මම දෙමව්පියන් එක්කත් කතා කරලා තියෙනවා. දරුවාගේ පෞද්ගලික විභාග අයදුම්පත‍්‍රයත් මම තමයි ඉකුත් 08 වැනිදා ගෙදරට ගෙනිහින් දුන්නේ. මම මේ ගැන ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලා තියෙනවා. මම පෙරේදා (12) දරුවගේ ගෙදර ගියා දෙමව්පියන් සමග කතා කළා. නමුත් මේ ගැන කාටවත් කියන්න එපා කිව්වේ නැහැ. මේ දරුවා මොන විභාගයට පෙනී සිටියත් ඒ දරුවගේ මානසික තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. මේ දරුවා ඒ ගැන හිතන්නෙ නැහැ. ඒ නිසා මානසික තත්ත්වය ගැන ගැටළුවකට මේ දරුවා මුහුණ දෙන්නේ නැහැ ඒක පැහැදිලියි.."

කැකිරාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එස්. වේගොල්ල මහතාගෙන්ද අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී "ඒ දරුවා පාසල් අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ යුතු වෙනවා. කිසියම් පාසල් දරුවෙක් සාධන මට්ටමෙන් පහළ සිටියා වුවත් විභාගයට පෙනී සිටීමේ අයිතිය අහිමි කරන්න විදුහල්පතිවරයෙකුට අයිතියක් නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම විමර්ශණයක් ආරම්භ කරනවා." යනුවෙන් සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad