බුකියේ හැමෝම යන්න ආසාවෙන් හිටපු තැනක තරුණ ජිවිතයක් අකාලයේ නැති වුනු හැටි..! (PHOTOS/VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

බුකියේ හැමෝම යන්න ආසාවෙන් හිටපු තැනක තරුණ ජිවිතයක් අකාලයේ නැති වුනු හැටි..! (PHOTOS/VIDEO)

මහනුවර සිට කිලෝ මීටර් 30ක් පමණ දුරින් පිහිටා ඇති මෙම අතිශය සුන්දර ස්වභාවික ජල තටාකය වන රංගල ඉතාමත් මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත.එහි ලඟා වීමට ප්‍රදාන මාර්ග දෙකක් ඇති අතර ඉන් මහනුවර සිට තෙල්දෙණිය හරහා ගොස් උඩුවෙල හන්දියෙන් වමට හැරී එතැන් සිට කි.මී 13ක් පමණ ගොස් ලඟා වන මාර්ගය පහසු මෙන්ම දුරින් අඩු මාර්ගය වේ. 

අනෙක් මාර්ගය මහනුවර සිට වත්තේගම, පන්විල හරහා යා හැකි අතර මාර්ගයේ දුර ප්‍රමාණය මෙන්ම මාර්ගයේ කටුක බවද වැඩිය. නමුත් පන්විල හරහා ගමන් ගන්නා මාර්ගයෙහි අතරමග සුන්දර දිය ඇලි කිහිපයක්ම බලා ගත හැක. මේ අතරින් හුළුගඟ ඇල්ල ප්‍රදාන වේ. 

සුන්දරත්වයෙන් පිරුණු මෙම රන්ගල ස්වභාවික තටාකයේ කෙලවර ඉතා ගැඹුරු බැවින් මෙහි ස්නානය කිරීමේදී ඉතා සැලකිලිමත් වන ලෙස ප්‍රදේශවාසීන් සම විටම පවසනවා. නමුත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ වනවිට එහි දියනෑමට ගිය තරුණයෙක් අප අතරින් සමුගත් ජයාරූප පෙළක් සහ වීඩියෝවක් හුවමාරු වෙනවා.රංගල ස්වභාවික තටාකයට විනෝද විමට පැමිණි පිරිසක් අතරින් එක් තරුණයෙක් මෙසේ දියේ ගිලි මරණය පත් වී තිබෙනවා.

නාවික හමුදාව විසින් තරුණයාව ගොඩ ගත අයුරු වීඩියෝව පහතින්,








No comments:

Post a Comment

Post Bottom Ad