පැල්වත්ත සීනි සමාගම හා සෙවනගල සීනි සමාගම පුද්ගලීකරණය කිරීමට 2018 රජයේ අයවැයෙන් වන සූදානම පරාජය කිරීම වෙනුවෙන් අද (22) බුරුත හන්දියේදී (මොණරාගල ප්‍රධාන මාර්ගයේ) විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට එහි වෘත්තීය සමිති එකමුතුව කටයුතු යොදා තිබේ.
මේ වනවිට රජයේ සමාගමක් ලෙස පවතින මෙම ආයතන දෙකම ලාභ
ලබමින් පවතින අතර, මහා පරිමාණයෙන් සේවා සපයන ආයතනයන් බවටද පත්වී ඇතැයි උද්ඝෝෂණයේ සංවිධායකයෝ කියති. රටේ සීනි කර්මාන්තයම නැවත පරිහානිය කරා ගෙන ගොස් එය විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොදීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සියලූ සේවකයින් එක්ව ඇතැයිද ඔවුහු පවසති.
මෙම ක්‍රියාමාර්ගය සඳහා මෙම සමාගම් හි ක්‍රියාත්මක සියළු වෘත්තීය සමිති පක්‍ෂ, පාට භේදයකින් තොරව එක්වීමට නියමිත බවත්, ඒ අනුව කිසිදු අයුරකින් මෙම ආයතන පුද්ගලීකරණයට හෝ 2011 දී රජයට පවරා ගන්නා අංක 43 දරණ පනත අහෝසි කිරීමට ඉඩ නොතැබීමටද වෘත්තීය සමිති තීරණය කර ඇතැයිද ඔවුහු කියා සිටිති.
2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී සම්මත කරන ලද්දක් වන අතර, අදාළ පනතට අනුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම පනත යටතේ පවරා ගනු ලැබීය. මේ පණත අහෝසි කිරීමට සැරසෙන්නේ ඇමති දයාට අදාළ සමාගම නැවත ලබාදීමට යැයි චෝදනාවක්ද මේවන විට එල්ලවී තිබේ.
Wednesday, November 22, 2017
සීනි සේවකයන්ට අයවැය සහනයක් තිත්තවෙලා !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment