බැදුම්කර මාධ්‍ය හමුවේදී රාජිතත් සබන් නැතුවම නාගනී.. ඩබල් මල පැන මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

බැදුම්කර මාධ්‍ය හමුවේදී රාජිතත් සබන් නැතුවම නාගනී.. ඩබල් මල පැන මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවේ..

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස් සමගින් කෝප් කමිටු සාමාජිකයන් දුරකතනයෙන් කතා කිරීම ඉතාම සුදුසු බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

බැදුම්කර කියන බිස්නස් එකේ සිටින පිරිස ඇරෙන්නට එය විශ්ලේෂණය කිරීම ඉතාම අපහසු බවද ඔහු සදහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බැදුම්කර කොමිසම ගැන මාධ්‍යවේදීන් විසින් කල විමසීමේදීය.

අර්ජුන් අලෝසියස් විසින් හිටපු ඇමති රවි කරුණානායකට ඔහුගේ බිරිදට දියණියන්ට දුරකතන ඇමතුම් සිය ගණන් ලබාගෙන තිබීම එතරම් දෙයක් නොවන බවත් කී ඔහු ඔවුන් කලක සිට ව්‍යාපාරික හිතවතුන් බවද කීවේය. නාමල් රාජපක්‍ෂලගේ මුදල් ඩුබායි බැංකුවේ සගවද්දී එකල එම බැංකුවේ මැනේජර් ලෙස සිටියේ අර්ජුන් මහේන්ද‍්‍රන් යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

දිගින් දිගටම මාධ්‍යවේදීන්ගේ තියුණු ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් අපහසුතාවයට පත් ඇමතිවරයා විටෙක කෝපයට පත්ව අදහස් පල කරන බවක්ද පෙනින.

වීඩියෝව මෙතතින්

No comments:

Post a Comment

Post Bottom Ad