පයිලට් කෙනෙක් වෙන්න ආසාවට ගුවන් සේවා වෙබ් අඩවිය හැක්කර තමන්ගේ මූණෙ පොටෝ එක දාගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

පයිලට් කෙනෙක් වෙන්න ආසාවට ගුවන් සේවා වෙබ් අඩවිය හැක්කර තමන්ගේ මූණෙ පොටෝ එක දාගෙන


ගුවන් නියමුවකු වීම සඳහා කුඩා කාලයේ සිට ඇති වූ ආසාවක් ඉටුකර ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු වී එහි තිබූ ගුවන් නියමුවකුගේ ඡායාරූපයට තම ඡායාරූපය ඇතුළු කර වංචනික ලෙස ගුවන් නියමු බලපත්‍රයක් සකස් කළ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු
කොටුව මහෙස්ත්‍රාත්හා  අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත පසුගියදා මුදාහැර තිබේ.

 හෂාන් චතුරංග සිල්වා නමැති සැකකරු පසුගිය 16දා කොළඹ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුනේ වෙබ් අඩවියක් හැක්කර එහි කරුනු විකෘති කිරීමේ අයථා හැසදිරීම සම්බන්ධයෙනි. මෙම සැකකරුට පාසල් අවධියේ සිටම මිතුරන් විසින් ‘කැප්ටන්‘ යන නාමයෙන් ආමන්ත්‍රණය කර ඇති බවත්, එයට හේතුව ඔහුට ගුවන් නියමුවකු වීමට තිබූ ආසාව නිසා බවත් ඇප ලබාගැනීම සඳහා මොහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් උසාවියේදී කරුණු ඉදිරිපත් කර තිබුණි.

මෙම ආශාව හේතුවෙන් මොහු සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු වී එහි ඇති ගුවන් නියමුවකුගේ ඡායාරූපයට ඔහුගේ ඡායාරූපය ඇතුළු කොට "ෆේස්බුක්” හරහා මිතුරන්ට යවා ඇති නමුත් වංචාවක් සිදුකරන අදහසින් එය කර නොමැති බවත් නීතීඥයින් පෙන්වා දුන් අතර පසුව සැකකරුට ඇප නියම විය.

No comments:

Post a Comment

Post Bottom Ad