දෝෂාභියෝගයට බියේ අවසානයේ මුගාබේ ඉල්ලා අස්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

දෝෂාභියෝගයට බියේ අවසානයේ මුගාබේ ඉල්ලා අස්වේ

පැවති දේශපාලන පෙරළියෙන් පසු බලයෙන් ඉවත්වන්නට අදිමදිකම් කළ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් අවසානයේ ඉල්ලා අස්වී තිබෙයි. හමුදා පාලනය ඔහු නිවාස අඩස්සියට පත් කළත් ඔහු බලයෙන් ඉවත් නොවූ අතර පසුව ඔහුව පක්ෂ නායකකමින් ඉවත් කළත් බලයෙන් ඉවත්වූයේ නැත. පසුව ඔහුට එරෙහි දෝශාභියෝගයක් එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම ආරම්භ වීමත් සමග එය පරාජය වන බව දැනගෙන ඉවත්ව ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවෙහි ඉදිරිපත් කරන ලද බැවින් දෝෂාභියෝගය විවාදයට නොගෙනම ඔහුගේ ඉවත්වීම පිළිගෙන ඇතැයි වාර්තාවේ. 1980 වසරේ සිට වසර 37 ක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ ඒකාධිපති පාලකයෙකු ලෙසට මුගාබේ සැලකෙයි. ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමත් සමග මැති ඇමතිවරුන් ප්‍රීති ඝෝෂා පවත්වා ඇති අතර හරාරේ නුවර රැස්ව සිටින ජනතාව ද ප්‍රීති ඝෝෂා පවත්වමින් සිය සතුට පළකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad