බිද වැටුණු ශ‍්‍රී ලංකා ඉනිම රංගන තනි අතින් ගොඩගනියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

බිද වැටුණු ශ‍්‍රී ලංකා ඉනිම රංගන තනි අතින් ගොඩගනියි..

ඉන්දියානු කණ්ඩායම එරෙහිව ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 263ක් ලබා සිටියේය.ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 02ක් අතැතිව ඉන්දියානු පළමු ඉනිමට වඩා ලකුණු 91ක් ඉදිරියෙන් සිටියි.

අද දිනයේදී ශ‍්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුනු 35ක් එක්වෙද්දී ඉතා හොදින් පන්දුවට පහරදෙමින් සිටි දික්වැල්ල හතරේ පහර 05ක් සමගින් ලකුනු 35ක් ලබා සිටියදී මොහාමඩ් ශාමී එවු පන්දුවකට විරාත් කෝලි අතට උඩපන්දුවක් ලබා  දෙමින් දැවී ගියහ. ඉන් අනතුරුව ලකුණු පුවුරුවට එක් ලකුණක් එක්වෙද්දී තුන්ඉරියව් ක‍්‍රිඩක දසුන් ශානක බුවනේෂ්වර් කුමාර් එවු පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබා දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් ශාමි එවු පන්දුවකට කඩුලු රකින ක‍්‍රීඩක රිද්දිමාන් සාහා අතට උඩපන්දුයක් ලබා දෙමින් ලකුණු 28ක් ලබා සිටියදී දැවී ගියහ.

පන්දු 10කදී කඩුලු 03ක් බිද වැටී අසරණ වුණු ශ‍්‍රී ලංකා ඉනිම යළි සවිමත් කළ ඩිල්රුවන් පෙරේරා හා රංගන හේරත් අටවැනි කඩුල්ල සදහා  ලකුණු 43ක විශිෂ්ට සම්බන්ධතාවක් පැවැත්විමට සමත්වුහ.ඩිල්රුවන් ශාමී එවු පන්දුවකට අතට උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු 05කට දැවී ගියහ. එක් අන්තයක කඩුලු බිද වැටෙද්දී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටින රංගන හේරත් හතරේ පහර 06ක් සමගින් ලකුණු 43ක්ද සුරංග ලක්මාල් ලකුනු 10ක්ද ලබා නොදැවී ක‍්‍රීඩා කරයි .

No comments:

Post a Comment

Post Bottom Ad