දිග තෙල් පෝලිම්.. යලිත් ඉන්ධන හිගයක්..?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

දිග තෙල් පෝලිම්.. යලිත් ඉන්ධන හිගයක්..??

කොළඹ ආසන්න ඉන්ධන පිරවුම්හල් කිහිපයකම දිගු ඉන්ධන පෝලිම් ඇතිව තිබේ. ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා වෙයි.

කොහුවල, නුගේගොඩ පිහිටි ඇතැම් ඉන්ධන පිරවුම්වල්වල ඉතා දිගු පොලිම් වෙයි. මහනුවර ප‍්‍රදේශයේද අද දිනය පුරා ඉන්දන පෝලිම් ඇතිව තිබූ බව වාර්තා වෙයි. ඉන්ධන හිගයක්ද එසේ නැතොත් කාර්යාලීය සතිය පටන් ගැනීම හේතුවෙන් ඉන්ධන ඉල්ලුම ඉහල යාමෙන් මෙම තත්වය ඇති වී දැයි වාර්තා නොවෙයි.

ඛණිජ තෙල් අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරන්නේ ප‍්‍රමාණවත් තරම් තෙල් තොග ඇති බවත් කිසිදු තෙල් හිගයක් ඇතිවීමේ ඉඩක් නැති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad