පිටිපස්සෙන් ඇවිත් බදා ගත්ත මල්ලි හිටියේ නැත්නම්, සාය කඬාගෙන බිමට වැටෙන නිළිය කවුද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 22, 2017

පිටිපස්සෙන් ඇවිත් බදා ගත්ත මල්ලි හිටියේ නැත්නම්, සාය කඬාගෙන බිමට වැටෙන නිළිය කවුද?

පසුගිය දවසක එක්තරා රෑපවාහිනි නාළිකාවක නළු නිළියන් පිරිසක් සහභාගී වුණු සජීවී වැඩසටහනක් තිබුණලු. ඒකට ජනප්‍රිය නළු නිළියන් පස් දෙනෙක් ආවලු. මේකප් දාන්න කලින් කට්ටිය කැන්ටීන් එක පැත්තට ගියාලු තේ එකක් බොන්න.

තේ බීලා මුලින්ම මේකප් දාන්න ගියේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්ලු. එයා ටික දුරක් යනකොටම තේ බිබී හිටිය තරුණ නළුවෙක් ඒ නිළියගෙ පස්සෙන් ගිහින් එයාව අත් දෙකෙන්ම බදා ගත්තලු. ‘අක්කේ... අක්කේ ඔහොම ටිකක් ඉන්නකො.’ ඇගේ බඳ වටේ අත් දෙක තද කරගෙන අර නළුවා කියනවලු. ‘අනේ මේ කෝලම් නටන්න එපා බං. මේකෙ හතර වටේම කැමරා දාලා තියෙනවා. උඹලගෙ විහිළු වගේ නෙවෙයි.’ හොඳටම බයවෙච්ච නිළිය කියනවා.

‘පිස්සුද අක්කෙ ඔයාගෙ සායට කට්ටක් ගැහුවෙ නැද්ද? ඔයාට දැනුණෙ නැද්ද සාය කඩන් වැටෙනවා. දැන් ඔහොමම යං මේකප් රෑම් එකට, මම අක්කව බදාගෙන එන්නම්...’ එහෙම කිව්වම නිළියගෙ මුහුණ රතු වුණාලු.


No comments:

Post a Comment

Post Bottom Ad