උත්තරදේවී උතුරු දුම්රියට යාපනයේදී ගල් ගහයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 21, 2017

උත්තරදේවී උතුරු දුම්රියට යාපනයේදී ගල් ගහයි..

උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසංතුරෙයි දක්වා ධාවනය වූ උත්තරදේවී දුම්රියට ඊයේ (20) රාත්‍රියේදී චුන්නාගම් ප්‍රදේශයේදී කිසිවෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇතයි චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

කෙළඹ සිට කන්කසන්තුරේයි දක්වා ධාවනය වූ උත්තර දේවී දුම්රියට ඊයේ රාත්‍රි 7.30 ට පමණ චුන්නාගම් දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වූ බවට දුම්රයේ රියදුරු විසින් චුන්නාගම් පොලීසියට පවසා තිබුණි. අදාල ගල් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදීම චුන්නාගම් පොලීසිය විසින් ගල් ප්‍රහාරය එල්ල වූ ස්ථානය සොදිසි කලද කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

ගල් ප්‍රහාරය එල්ල වීමෙන් දුම්රියේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් නොවුනද දුම්රියේ රියදුරු අසුනට ආසන්නයේ පිහිටි ජනෙල් වීදුරුවට හානි සිදුව තිබූ බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad