ඇලෝසියස් සමඟ අනියම් සම්බන්ධතා පැවැත්වූ මැති ඇමති පස් දෙනෙක් මාට්ටු..! රවීගේ බිරිඳ මහ රාත්‍රියේ ඇලෝසියස්ට ඇමතුම් 320යි...! දුවලා දෙන්නා 23යි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 17, 2017

ඇලෝසියස් සමඟ අනියම් සම්බන්ධතා පැවැත්වූ මැති ඇමති පස් දෙනෙක් මාට්ටු..! රවීගේ බිරිඳ මහ රාත්‍රියේ ඇලෝසියස්ට ඇමතුම් 320යි...! දුවලා දෙන්නා 23යි..!

කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද අනාවරණ වී තිබේ. ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේය. මෙම පුද්ගලයින් අතර සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන අය දුරකථන සංවාද පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

අද(16) බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ සැසිවාරය කැඳවා තිබුණේ කොමිසමේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද සන්නිවේදන විශ්ලේෂණ වාර්තාව කොමිසමට ඉදිරිපත් කිරීම සඳහායි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ උපපොලිස් පරීක්ෂක යසන්ත ඩයස් මහතා අද කොමිසමට සාක්ෂි ලබාදෙනු ලැබූ අතර ඔහුගේ සාක්ෂි මෙහෙයවනු ලැබුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින්.

කෙ‍සේ වෙතත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන විශ්ලේෂණ වාර්තාව සාක්ෂියක් ලෙස කොමිසම පිළිගැනීම සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බවයි. කෙසේවෙතත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ දුරකථන සන්නිවේදන විශ්ලේෂණ වාර්තාව කොමිසම සාක්ෂියක් ලෙස භාර ගන්නා බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටී චිත්‍රසිරි මහතා ප්‍රකාශ කළා. 

ඒ අනුව සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ත ඩයස් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන පහසුකම් සපයන සමාගම්වලින් ලබා ගත් දත්ත සහ අර්ජුන ඇලෝෂියස්ගේ දුරකථනයෙන් උපුටා ගත් දත්ත උපයෝගී කරගනිමින් මෙම වාර්තාව සකස් කළ බවයි. එහිදී හිටපු මහ බැංකු අධිපති සහ පර්පචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් අතර ඥාතී සබඳතාවයක් ඇති හෙයින් ඔවුන් අතර සිදු වී ඇති දුරකථන සංවාදවලට සාක්ෂිමය වටිනාකමක් දී සලකා නොබැලුණු නමුත් බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වැදගත් දිනවලදී දෙපාර්ශ්වය අතර සිදු වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් වාර්තාවේ කරුණු ඇතුළත් කළ බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. 

එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ 2015 ජනවාරි මස 26 වනදා සිට 2017 ජුනි 20 වනදා දක්වා හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් සහ පර්පචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන අතර දුරකථන ඇමතුම් 27 ක් හඳුනා ගත් බවයි.  එමෙන්ම රාජකාරී වේලාව අවසන් වීමෙන් අනතුරුව රාත්‍රී කාලයේදී අර්ජුන මහේන්ද්‍රන් සහ කසුන් පළිසේන අතර දුරකථන ඇමතුම් 8 ක් සිදුවී ඇති බවද උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළා. සිදු කළ පරීක්ෂණය අතරතුරදී මහේන්ද්‍රන් මහතා වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙකුට ලබා ගත් කිසිදු දුරකථන ඇමතුමක් හඳුනා ගැනීමට නොහැකි වූ බව එහිදී උප පොලිස් පරීක්ෂක යසන්ත ඩයස් මහතා පවසා සිටියා. 

මේ අතර සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධාන අලෙවිකරු ලෙස කටයුතු කර මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් වැඩ තහනමකට ලක් කර සිටින ඉන්දික සමන්කුමාර නැමැත්තා සහ අර්ජුන මහේන්ද්‍රන් අතර දුරකථන ඇමතුම් 30 ක් හඳුනා ගනු ලැබූ අතර කාර්යාලයීය වේලාවෙන් පසු ඔවුන් අවස්ථා 10 කදී දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වී ඇති බව ද අනාවරණ වූ බවයි සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම පර්පචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා හැර අවස්ථා 15කදී අර්ජුන මහේන්ද්‍රන් එම සමාගමේ වෙනත් නිලධාරීන් සමග දුරකථන සංවාද පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබරවාරි 27 වන දින පස්වරු 12.38 ට අර්ජුන මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දුරකථනයෙන් අමතා ඇති බව ද උප පොලිස් පරීක්ෂක යසන්ත ඩයස් මහතා බැඳුම්කර කොමිසමට ප්‍රකාශ කළා. එහිදී කොමිසමේ සාමාජික ප්‍රසන්න ජයවර්ධන මහතා පැවසුවේ අගමැතිවරයා කොමිසමට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේදී අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙන්දේසියෙන් අනතුරුව තමන් අමතා බිලියන 10 ක මුදලක් රැස් කළ බව  දැනුම් දුන්නැයි සඳහන් කර ඇති බවයි. 

මේ අතර එම දිනය අතරතුරදී අමාත්‍ය සාගල රත්නායක, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අර්ජුන මහේන්ද්‍රන් මහතාව දුරකථනයෙන් අමතා ඇති අතර අග්‍රාමාත්‍යවරයා පස්වරු 6.35 ට සහ රාත්‍රී 8.08 ට අර්ජුන මහේන්ද්‍රන් මහතාට යළි දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන්.  මේ අතර පර්පචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ වැඩතහනමකට ලක්ව සිටින සේවක අර්ධසාධක අරමුදලේ හිටපු ප්‍රධාන අලෙවිකරු අතර දුරකථන සංවාද 38 ක් සිදුවී ඇති අතර ඔවුන් දෙදෙ‍නා අතර මාස 3ක් වැනි කෙටිකාලයකදී සිදුවී ඇති වයිබර් දුරකථන සංවාද ගණන 448 ක්. 

මේ අතර සමන්කුමාරගේ සහෝදරයාගේ දුරකථන අංකයට අර්ජුන ඇලෝෂියස් අවස්ථා 69කදී දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර කෙටිපණිවුඩ 27 ක් යොමු කර තිබේ. එමෙන්ම ඉන්දික සමන්කුමාරට පෙර සේවක අර්ධසාධක අරමුදලේ බැඳුම්කර සම්බන්ධයෙන් තීරණ ගත් සංගාරප්‍පිල්ලෙයි පදුමනාදන් නැමැත්තා සහ අර්ජුන ඇලෝෂියස් අතර දුරකථන ඇමතුම් 61 ක් සිදුව ඇති අතර ඔවුන් අතර සිදුවූ වයිබර් දුරකථන සංවාද ගණන 703 ක්. මේ අතර අර්ජුන ඇලෝෂියස්ගේ බිරිඳ සහ අර්ජුන මහේන්ද්‍රන්ගේ දියණිය වන අංජලී මහේන්ද්‍රන්ගේ දුරකථනයට සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික සමන්කුමාර විසින් දුරකථන ඇමතුම් 38 ක් ගෙන ඇති අතර ඒ අතුරින් ඇමතුම් 8 ක් රාත්‍රී 8 සිට උදෑසන 8 දක්වා අතර කාලයේ ලබා ගත් දුරකථන ඇමතුම් වෙයි.

මේ අතර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් 8 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් සිදු කළ විමර්ශනය අතරතුර චෝදනාවට ලක්ව සිටි අර්ජුන ඇලෝෂියස් සමග දුරකථන සංවාද සහ කෙටිපණිවුඩ හුවමාරු කරගත් කෝප් කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකුගේ නම් ද අද කොමිසමේදී අනාවරණ විය. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු‍වේ සන්නිවේදන විශ්ලේෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය දයාසිරි ජයසේකර කෝප් කමිටුවේ විමර්ශනය අතරතුර අවස්ථා දෙකකදී අර්ජුන ඇලෝෂියස් සමග දුරකථනය හරහා සම්බන්ධ වී තිබේ.

කෝප් කමිටුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විමර්ශනය සිදුවූ කාලය අතරතුර ඇලෝෂියස් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ඇති අවස්ථා ගණණ 62ක්. එක්සත් ජාතික පක්ෂයම නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා අවස්ථා දෙකකදී අර්ජුන ඇලෝෂියස් සමග දුරකථ‍නයෙන් සම්බන්ධ වී තිබේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් කෝප් කමිටු සාමාජිකයෙක් වන හෙක්ටර් අප්පුහාමි මහතා ඇලෝෂියස් සමග දුරකථනය හරහා සම්බන්ධ වී ඇති අවස්ථා ගණන 23ක්. 

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ද අවස්ථා 23කදී අර්ජුන ඇලෝෂියස් සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වෙයි. මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2015 පෙබරවාරි 1 වනදා සිට 2016 ජුනි 1 වනදා දක්වා කාලය තුළ අර්ජුන ඇ‍‍ලෝෂියස් සමග අවස්ථා 84 කදී දුරකථන සංවාද පවත්වා ඇති අතර ඔහුගේ බිරිඳ වන මෙලා කරුණානායක අදාළ කාලය තුළදී අවස්ථා 320කදී ඇලෝෂියස් දුරකථනයෙන් අමතා තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ දියණියන් වන ඔනෙලා කරුණානායකගේ දුරකථනයෙන් ඇමතුම් 18 ක් ලබා ගෙන ඇති අතර ශෙනෙලා කරුණානායකගේ දුරකථනයෙන් ඇමතුම් 5 ක් හඳුනා ගත් බව උපපොලිස් පරීක්ෂක යසන්ත ඩයස් මහතා බැඳුම්කර කොමිසමට ප්‍රකාශ කළේය. 

………………….harigossip.com ඇසුරෙනි………………

No comments:

Post a Comment

Post Bottom Ad