ලක්ෂ 10කට වෙළඳපළට එන අලුත්ම මරුටි ඉලෙක්ට්‍රික් කාරය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 20, 2017

ලක්ෂ 10කට වෙළඳපළට එන අලුත්ම මරුටි ඉලෙක්ට්‍රික් කාරය මෙන්න

වසර 2 ක කාලයක් තුළ දී පළමු ‘මරුටි ඉලෙක්ට්‍රික්‘ මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා වන  අවබෝධතා ගිවිසුමකට මරුටි මව් සමාගම වන සුසුකි හා ටොයෝටා සමාගම් ද්විත්වය පසුගිය සිකුරාදා අත්සන් තබා තිබේ.

මෙම මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 10 ක් පමණ වනු ඇති බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි.  සුසුකි හා ටොයෝටා සමාගම් අතර අත්සන් තබන ලද මෙම ගිවිසුමට අනුව ඉන්දියානු වෙළෙඳපොළ සඳහා විශේෂ වූ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සුසුකි විසින් නිපදවනු ලබන අතර ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ටොයෝටා විසින් ලබා දීමට නියමිතය.

ඉන්දියාවේ භාවිත වන සියලූම වාහන 2030 වන විට ඉලෙක්ට්‍රික් ඒවා විය යුතු බවට ප්‍රතිපත්තිමය සැලැස්මක් මීට පෙර ප්‍රකාශයට පත් වූ අතර මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ 2040 වන ශ්‍රී ලංකාවේ භාවිත සියලු වාහන ඛනිජමය ඉන්ධන නොවන බලශක්ති මගින් ධාවනය වන ඒවා බවට පත් කරලීමට සැලසුම් කරනු ලබන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad