‘ක‍්‍රීඩකයිනුත් පුදුම වෙයි ..මිකී ආතර්ට යකා වැහෙයි..’- ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් ගැටුමේ සිදුවීමක් පිළිබඳ අලුත් සැකයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

‘ක‍්‍රීඩකයිනුත් පුදුම වෙයි ..මිකී ආතර්ට යකා වැහෙයි..’- ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් ගැටුමේ සිදුවීමක් පිළිබඳ අලුත් සැකයක් (VIDEO)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ සිදුවූ සිදුවීමක් පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිව තිබෙනවා. ඒ පාකිස්ථානු කණ්ඩායමේ වහාබ් රියාස් පිළිබඳවයි.

තරඟයේ 111 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ වහාබ් පස්වන පන්දුව යොමු කිරීමට පස්වතාවක් පමණ උත්සහ කිරීමට මෙයට හේතුව වී තිබුණා.එම අවස්ථා පහේදීම පියවර වැරදී යාම නිසා ඔහුට පන්දුව යොමු කිරීමට නොහැකි වූ අතර පාකිස්ථානු ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරු මිකී ආතර්ද සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට නොහැකි අයුරින් තම හැඟීම් පළකරනු දැකගත හැකි වුණා.

ඔහු මෙම පන්දුව යොමු කිරීමට විනාඩි 5ක් පමණ වැයකර තිබුණා.මෙය එක්තරා ආකාරයට තරඟ පවාදීමක් දැයි සැක මතුව තිබෙන බව මේ වන විට වාර්තා වනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...



No comments:

Post a Comment

Post Bottom Ad