මුහුණු පොත පුරා වීඩියෝ හුවමාරු වෙමින් කතා වුන වෙදමහතාගේ පැටිකිරිය (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 8, 2017

මුහුණු පොත පුරා වීඩියෝ හුවමාරු වෙමින් කතා වුන වෙදමහතාගේ පැටිකිරිය (VIDEO)

ජීවිතේ සමහර වෙලාවට අපිව හොයාගෙන එන ලෙඩ දුක් නිසා හුඟක් අසරණ වෙන්න සිද්ධ වෙනවා. මොන තරම් සල්ලි තිබුණත් සමහර වෙලාවට ඒ ලෙඩ දුක්වලට විසඳුම් හොයන්න අමාරුයි. ඒ වෙලාවට කවුරු හරි කෙනෙක් කිව්වොත්, එහෙමත් නැත්නම් ලෙඩක් සුවකරන තැනක් දැක්කොත් එතනින් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුව ඕනම කෙනෙකුගේ හිතට දැනෙනවා.

ඒ විදිහට ඕනම ලෙඩක් එක මොහොතකින් සුවකරන්න පුළුවන් කෙනෙක් ගැන මුහුණුපොත පුරාම වීඩියෝ හුවමාරු වෙමින් කතාවෙන්න පටන් ගත්තා. ඔහු නමින් විශ්වනාත් වෙදමහතා. එක දවසකට දහස් ගණනක් මොහුගෙන් ප්‍රතිකාර ගන්න දංකොටුව, ලීහිරියාගමට එනවා. හැමතැනින්ම බෙහෙත් කරලා දහස් ගණන් මුදල් වියදම් කරලා විශ්වනාත් වෙදමහත්තයා ගාවට ඇවිත් සුවය ලබපු අයත් බොහෝ දෙනෙක් හිටියා.

මේ විදිහට ලෙඩ සුවකරන්න පුළුවන්ද..? තෙල්වර්ගයක් ගාලා ඇස් නොපෙනන අයට, ඇවිඳින්න බැරි අයට ඇවිදින්න පුළුවන් වෙන්න මොහු ළඟ තියෙන බලය කුමක්ද..? එක පාරම ලෙඩ සුව වෙන අය අතරේ සුව නොවුණු අයත් හිටියා. ඒ අයටනම් වෙද මහත්තයා කිව්වේ ගෙදර ගිහින් බලන්න අඩුවෙයි කියලයි. මේ අයගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ කියලා වෙද මහත්තයා කිව්වත් කැමති කෙනෙක් බුලත් අතකට තියලා දෙන මුදල ඔහු බාරගන්නවා.

ඒ වගේම බෙහෙත් ගන්න එන හැමකෙනාටම තෙල් කුප්පියකුත් දෙනවා. ඒ තෙල් කුප්පියක් රුපියල් 100 යි. ඒ වගේම මොහු ගාව සුර වර්ග කිහිපයකුත් තියෙනවා, 1000,2000,5000 වගේ ගණන්වල විශේෂ තෙලක් දාපු සුරයක් ගන්නත් පුළුවන්. බුලත් අත අනිවාර්යයි කියන මේ වෙදමහත්තයා ළඟට ගේන හැම බුලත් අතක්ම නැවතත් එම ස්ථානයේම අලෙවි කරනවා. දහස් ගණන් පිරිසක් දුර පළාත්වල ඉඳන් එන මේ වෙද මහතාට මේ කියන විදිහටම ලෙඩ සුව කළ හැකිද..?

එසේනම් මහනුවර පිළිකා රෝහළ, කොළඹ ඇස් රෝහල හා අනෙකුත් බරපතල රෝගීන් සිටින රෝහල්වල දුක් විඳින අසරණ මිනිසුන් වෙනුවෙන් මොහුට කෙතරම් සේවයක් කළ හැකිද..? නොපෙනෙන බලයකින් මෙම ලෙඩ සුවකිරීමේ ඇත්ත නැත්ත තීරණය කිරීම ඔබ සතුයි.

වීඩියෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad