''පණටත් වඩා ඔබ ආදරේ කරන අය ඔබව හැර යාවි...කරන්නට තියා හිතන්නටවත් නොහැකි බොරු වැරදි ඔබේ කර පිටින් යාවි..'' - උදාරි, සංගීත් පෙම් කතාව දෙදරයි? (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 10, 2017

''පණටත් වඩා ඔබ ආදරේ කරන අය ඔබව හැර යාවි...කරන්නට තියා හිතන්නටවත් නොහැකි බොරු වැරදි ඔබේ කර පිටින් යාවි..'' - උදාරි, සංගීත් පෙම් කතාව දෙදරයි? (PHOTOS)

උදාරි කෞශල්‍යා උදයකුමාර් සහ සංගීත් සතරසිංහ කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පීන් දෙදෙනෙක්.කලක් පුංචි තිරයේදී පෙම්වතුන් වූ උදාරි සහ සංගීත් මීට කාලයකට කලින් ඔවුන්ගේම කැදැල්ලකට එකතු වුණා.ඉන්පස්සේ ගොඩක් ආදරෙයන්  කාලය ගත කරපු මේ යුවළ කාලයක් ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේත් ජීවත් වුණා. කොහොම වුණත් උදාරිගෙයි සංගීත්ගෙයි ආදර කතාව පුංචි දෙදරීමකට ලක්වෙලා කියලා ‘නෙත් ගොසිප්‘ අපට ආරංචි වුණා..ඒ නිසා මේ වෙනකොට දෙන්නා වෙනම ගෙවල් දෙකක ජීවත් වෙනවා කියලා තමයි අපට ආරංචි වුණේ...

පහුගිය දවස් කිහිපයේම තම ෆේස්බුක් ගිණුම හරහා උදාරි තැබූ සටහන් ගැන ඇගේ රසිකයන්ගේ කතාබහට ලක්වෙලා තිබුණා.මේ ඇය ඒ විදියට ෆේස්බුක් දාපු සටහනක්.මේ විදියේ සටහන් කිහිපයක් ඇය පහුගිය දින කිහිපයේ ඇගේ ෆේස්බුක්ගිණුමේ පළ කරලා තිබුණා. පනටත් වඩා ඔබ ආදරේ කරන අය ඔබව හැර යාවි...  කරන්නට තියා හිතන්නටවත් නොහැකි බොරු වැරදි ඔබේ කර පිටින් යාවි... අවංකකම අහිංසකකම සත්‍යවාදිබව හැම තැනකදීම ඔබව දුර්වල කරාවි...  බහුතරය වැරදි කරන ලෝකයේ ඔබව පහත හෙළිය හැකි පුංචි අවස්ථාවේදී ඔවුන් සියල්ලෝ එක්වී ඔබව බිමට ඇද දමාවි... මීටත් වඩා අනන්ත අප්‍රමාණ බාධා ඔබ විඩාවට පත් කරාවි... 
නමුත්...

විශ්වාස කරන්න ඔබ නිවැරදි නම් ඒ කිසිවක් ඔබ අදාළ කරගත යුතු නැති බව!
විශ්වාස කරන්න ඔබට මේ ලෝකේ වෙනත් තැනක නැවත අලුතින් පටන් ගත හැකි බව!
විශ්වාස කරන්න ඔබව ඔබ ලෙසින් බාරගන්නට කවුරුන් හෝ මෙලොව ජිවත් වන බව!
මතක තබා ගන්න,
ජීවිතය යනු ප්‍රශ්න හමුවේ සදහටම නිසොල්මන් වීම නොව... ප්‍රශ්න වලට උත්තර හොයමින් හුස්ම ගැනීමයි! 
දිනෙක ඔබේ වටිනාකම ඔබටම දැනේවි ඒ වෙනකන් ජීවිත බර දරාගන්න





මේ මීට කාලයකට කලින් උදාරි සංගීත් පෙම් කතාව ගැන පුවත්පතක පළවෙලා තිබුණ ලිපියක්.
මං කිව්ව දේ හරි නේද උදාරි?
හරියටම හරි. සංගීත අයියයි මමයි ගොඩක් කල් ඉඳලා හඳුනනවා. අපි ෆැමිලි ෆෙ‍්‍රන්ඩ්ස්ලා. එයගේ තාත්තයි, අපේ තාත්තයි ගජ යාළුවෝ. ඒ මිත්‍රකම හේතුවෙන් සංගීත් අයියා හිතවත් වුණා.
ඒත් ඔබලා ආදරය ප්‍රකාශ කර ගන්නේ පෙම්වතුන් වුණේ අත්තම්මා දර්ශන තලයේදී?
මට එයාව ළඟින් ආශ්‍රය කරන්න ලැබුණේ අත්තම්මා රඟපාන්න ආවට පස්සේ. සංගීත් අයියා තුළ සිටින සැබෑ මනුස්සයා මා දුටුවේ එහිදියි.
ඇයි එහෙම කියන්නේ?
එයා හරි අවංකයි. මං එයාගෙන් දුටුව සුවිශේෂිම ගති ගුණය නම් සතුරෙකුට වුණත් විපතකදී උදව් කිරීම.
රංගනයෙන් ඉදිරියට යන්න අපේක්ෂාවෙන් ඉන්න අයකු විදිහට ඔබ මේ ගත්තු තීරණය ඉක්මන් වැඩි නැද්ද?
කොහෙත්ම නැහැ. මං හිතනවා මගේ ආරක්ෂාවටත් එක්ක මං ගත්තු මේ තිරණය ඉතාම නිවැරැදියි කියලා.
ආරක්ෂාව කියලා කිව්වේ?
අපි දෙන්නා පෙම්වතුන් වුණ ගමං ඒ ගැන ගෙදරට කිව්වේ නැහැ. එහෙම වුණයි කියලා ඈත්වෙලා ඉන්න බැහැනෙ. නිතර නිතර අපි එකට ළං වෙලා කතාබහ කරද්දී කටකතා හැදෙන්න පුළුවන් අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. බැරි වෙලාවත් ඒ කතාවක් වැරැදි විදිහට හැදිලා අපේ ගෙවල්වලට ආරංචි වුණොත් අපි ඉඳලත් ඉවරයි. ඒක නිසා හැකි ඉක්මනින් විවාහ ගිවිස ගත්තා.
ඔය දෙන්නා ගිය අමතක නොවන ගමන මොකක්ද?
අපි පෙම්වතුන් වෙච්ච මුල් කාලයේම පන්සලකට, කෝවිලකට, පල්ලියකට ගිහින් එකම දිනක බාරයක් වුණා. ඉතා ඉක්මනින් අපිට එක වහලක් යටට එන්න ලැබේවා කියලා. ඊට පස්සයි ගෙවල්වලට අපි ගැන කිව්වේ. ඒ පැතුව පැතුම් එකක් නෑරම ඉටු වුණා. ඉතින් මට ඒ ගමන ගිහින් අපි බාර වුණු හැටි නම් කවදාවත්අමතක වෙන්නේ නැහැ.
සංගීත් ඔබ වෙනුවෙන් ජීවිත කාලයම ඉඳියි කියලා විශ්වාසද?
ඔව්. අනිවාර්යයෙන්ම.
ඔහුට දිගටම රංගන කටයුතුවල නිරත වෙන්නට ඉඩ දෙනවාද?
එයා මටත් වඩා නාට්‍ය ගණනාවක ඉඳලා තියෙනවා. එයා දැන් ඉදිරියට යන්න පාර හදාගෙන ඉවරයි. ඉතින් මං මොකටද එයාගේ ගමනට බාධා කරන්නේ?
ඔබයි සංගීතුයි අතර මේ වෙනකම් රණ්ඩු සරුවල් ඇති වෙලා නැද්ද?
අපෝ නැහැ.



 

No comments:

Post a Comment

Post Bottom Ad