බුකිය රත්කරමින් ලීක් වුණු Photo ගැන ඇමති මුතුහෙට්ටිගම හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 15, 2017

බුකිය රත්කරමින් ලීක් වුණු Photo ගැන ඇමති මුතුහෙට්ටිගම හෙළි කරයි

අන්තර්ජාලය හරහා සමහර සිද්ධි කරළියට එනවා. ඒ විදිහට ලොකු කතාබහක් ඇතිකළ සිද්ධියක් තමයි නිශාන්ත මුතුහෙට්ටිගම ඇමතිවරයාගේ ඡායාරූප පෙල. ෆේස්බුක් පිටු හරහාද ‘‘මුතුහෙට්ටිගමගේ ලීක් වුණු ෆොටෝ“ යනුවෙන් සඳහන් කරමින් මෙම ඡායාරූප පෙළ අන්තර්ජාලය හරහා විදුලි වේගයෙන් හුවමාරු වුණා.

මේ ගැන නිශාන්ත මුතුහෙට්ටිගම ඇමතිවරයා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා. 

පසුගිය දවස්වල සාමාජ ජාලවල ඔබගේ පිංතූර රැසක් හුවමාරු වුණා. තරුණියන් සමග විනෝද වන ආකාරයෙන්. මේ පිළිබඳව පිළිතුරක් දෙන්න පුළුවන්ද..?

ඒවා බොහොම පරණ පිංතූර වගයක්. පාටියක අපි සංගීත සන්දර්ශනයකට සහභාගී වුණු එකක්. ඒක අවශ්‍ය විදිහට සංස්කරණය කරලා අනිත් අය අයින් කරලා මාව විතරක් දාලා සකස් කරපු එකක්. මම ඒ ගැන කලබල වෙන්නෙ නැහැ එච්චර.

එතැන හිටපු අනෙක් අය කවුද..?

ඒක කියන්න අවශ්‍ය නැහැ.

එතකොට මේ පිංතූර ඔබතුමාට දේශපාලන වශයෙන් පහරක් ගහන්න එළියට දාපු එකක් කියලද කියන්නෙ..?

මම එහෙම කියන්නෙ නැහැ. දැම්ම කෙනා දැම්මෙ පහරක් ගහන්න තමයි. ඒක මට පහරක් නෙමෙයි.

ඒ කියන්නෙ ඔබතුමා දන්නවා කවුද දැම්මෙ කියලා..?

ඔව්. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගන්න කල්පනා කරලා තියෙනවද..?

නැහැ. වැඩක් නැහැ.

webgossip.lk

No comments:

Post a Comment

Post Bottom Ad