ආනන්දයට සහ නාලන්දාවට මුස්ලිම් ගුරුවරු නැහැ [Exclusive] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

ආනන්දයට සහ නාලන්දාවට මුස්ලිම් ගුරුවරු නැහැ [Exclusive]


යෝජිත ගුරු මාරුවෙන්, ආනන්ද විද්‍යාලයට සහ නාලන්දා විද්‍යාලයට  මුස්ලිම් ගුරුවරුන් කිසි ලෙසකින්වත් අනියුක්ත නොකරන බවට අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. ආනන්ද සහ නාලන්ද විද්‍යාල වල ආදි සිසුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් පසුගිය දිනවල මෙලෙස මුස්ලිම් ගුරුවරු අදාළ විද්‍යාලවලට පත්වීම් ලබා ඇතැයි ද, එයට එරෙහිව කටයුතු කල යුතු යැයිද දක්වමින් සමාජජාල තුල විශාල ප්‍රචාරණ ව්‍යාපෘතියක් ගෙන ගිය අතර අප එම පුවත පළ කලෙමු.

මේ අතර ගුරු මාරු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන්නට යාමේදී ඊට එරෙහිව දරුවන් උසි ගන්වන ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. වසර ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක නොවී පැවති ගුරු මාරු වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා තමන් නායකත්වය දී ඇති බව කී අමාත්‍යවරයා ඇතැම් පාසල්වල ගුරුවරුන් පාසල් දරුවන් ද උසි ගන්වමින් මාරුවීම්වලට එරෙහිව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද කීය.

පවතින ප‍්‍රතිපත්තීන්ට අනුකූලව ඉදිරියේදී වසර පහෙන් පහට ගුරු මාරු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණයක් සකස් කරන බව ද කී අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී විද්‍යාලයේදී ඊයේ (16) පැවති උත්සවයක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad