යහපාලනයේ දූෂණය අංක එකට.. වංචාවෙන් අනන්තයට.. අලුත්ම සුප‍්‍රසිද්ද සමීක්‍ෂණ වාර්තාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 23, 2017

යහපාලනයේ දූෂණය අංක එකට.. වංචාවෙන් අනන්තයට.. අලුත්ම සුප‍්‍රසිද්ද සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

ශ්‍රී ලංකාවේ සති අග ඉංග්‍රීසි පුවත්පත් අතර ජනප්‍රියතම මෙන්ම වැඩිම පාඨකය ප්‍රමාණයක් කියවන පුවත්පත වනුයේ සන්ඩේ ටෛම්ස් පුවත්පතයි, සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු ව්‍යයාපාර ප්‍රජාව මෙහි පාඨකයන් වන අතර විදේශ තානාපතිවරු ඇතුළු ජාත්‍යන්ත ප්‍රජාව මෙම පුවත්පත්වල නිගමනයන් කෙරෙහි විශාල උනන්දුවක් දක්වයි.

අද ඉරිදා 22 වෙනිදා සන්ඩේ ටෛම්ස් පුවත්පත විසින් තම පාඨකයන් අතරේ පවත්වනු ලැබු වර්තමාන ආණ්ඩුව සම්බන්ධ ජනමතයක ඡන්දය ප්‍රකාශ කල අයුරු ප්‍රසිද්ධියට පත් කොට තිබුනි.

1. රටේ සමස්ථ දූෂණය අඩුවි ඇත්ද? – no – 89%, yes – 5 %, අදහසක් නොමැත – 6%

2. ජීවන වියදම් හා උද්දමනය අඩුවී ඇත්ද? no – 87%, yes – 5 %, අදහසක් නොමැත – 8 %

3. රජයේ කොන්ත්‍රාත් ලබාදීම සහ ටෙන්ඩර් ක්‍රියාවලිය. – අති දූෂිතයි – 82%, no – 5%, අදහසක් නොමැත 13%

4. පොහොසතුන් වැඩි බදු ගෙවිය යුතුය – පිලිගත නොහැකිය 52%, yes 22%, අදහසක් නොමැත 26%

ඉහත සමීක්ෂණය අනුව යහපාලන ආණ්ඩුවේ වසර 3 කට ආසන්න කාලය තුල පසුගිය රජයට සාපේක්ෂව කිසිම ප්‍රගතියක් ලබාගැනීමට නොහැකි වූවා පමණක් නොව එදා ආණ්ඩුවේ අවසාන කාලයේදී හෝ මෙවෙනි ජනතාවගේ අකමැත්තක් හෝ අප්‍රසාදයක් නොතිබුණ බැව් එම කාලයන් තුල sunday times පුවත්පත කල සමීක්ෂණ හරහා අනාවරනය කරගත හැකිය.


No comments:

Post a Comment

Post Bottom Ad