මගේ රූපයට හානි කරන කුමන්ත‍්‍රණයක්.. මං නඩු දානවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 18, 2017

මගේ රූපයට හානි කරන කුමන්ත‍්‍රණයක්.. මං නඩු දානවා..

තමන් සම්බන්දයෙන් හම්බන්තොටෙ දිස්ත‍්‍රික්කයේ ජනතාවට ඇති විශ්වාසය පළුදු කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට විරෝධතාවයේදී අත්අඩංගුවට පත් පිරිසට ඇප ලබා නොදෙන්නැයි තමන් කිසිදු ලිපියක් අධිකරණයට යොමු කර නැති බවත් ඇමතිවරයා සදහන් කරයි. තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයට හානිවන කුමන්ත‍්‍රණයක්ද මේ සමග ක‍්‍රියාත්මක වන බවද ඇමතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සදහන් කලේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් සන්ධාන මන්ත‍්‍රී කාංචන විජේසේකර කියා සිටියේ සන්ධාන මහ ලේකම්වරයා විසින් එවන් ලිපියක් එවා ඇදි බව කරුණු දැක්වූයේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර විසින් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad