උල්කාෂ්මයකට සමාන දෙයක් දැක රාත්‍රී දකුණේ වැසියන් අන්දමන්දවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

උල්කාෂ්මයකට සමාන දෙයක් දැක රාත්‍රී දකුණේ වැසියන් අන්දමන්දවේ

අද රාත්‍රී 9 ට පමණ දකුණු පළාතේ ස්ථාන කිහිපයක දර්ශනය වූ බවට වාර්තා පළවන උල්කාෂ්මයකට සමාන වස්තුවක් නිසා කථාබහක් ඇතිව තිබේ. විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම්
වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම ආලෝකය දුටු හා ශබ්දය ඇසුණු ප්‍රදේශ අතර ගාල්ල , මාතර ,හබරාදුව, පිටබැද්දර,අකුරැස්ස,නෙළුව, තවලම, හක්මන, දෙනියාය තිබේ. වොලිබෝලයක තරම් ගෝලාකාර තද කහපාට යමක් මුහුදට වැටෙනු දුටු බව සමහරෙක් කියති. මෙය උල්කාපාතයක්,උල්කාෂ්මයක්,පිටසක්වල යානයක් ආදී විවිධ දේට සැකකරමින් මේ වනවිට කටකතා පැතිර තිබේ.
මෙය ගුවන් අනතුරක් නොවන බව ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.
ආචාර්ය චන්දන ජයරත්න සඳහන් කරන්නේ මෙය දකුණු වෙරළ තීරයට කඩා වැටුනු උල්කාෂ්මයක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad