කඳවුර ගාව ගෙට රිංගා යුවතියගේ අතින් ඇද්ද සෙබළා නිසා ගමක් නොසන්සුන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 24, 2017

කඳවුර ගාව ගෙට රිංගා යුවතියගේ අතින් ඇද්ද සෙබළා නිසා ගමක් නොසන්සුන්

තලාව, රත්මල්ගහවැව යුද හමුදා කඳවුරේ සෙබළකු කඳවුරු ආසන්නයේ පිහිටි නිවසකට රාත්‍රියේ ඇතුළු වී තරුණියකට අතවරයක් කරන්නට උත්සාහකර හොරෙන්ම කඳවුරට ඇතුළු විමේ සිද්ධියක් මුල්කර ගනිමින් ගම්මුන් විශාල පිරිසක් කැති පොලු අතහැතිව කඳවුර වටලා  සෙබළා සිය භාරයට දෙන ලෙස නොසන්සුන්වීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.

සැකකාර හමුදා සෙබළා පෙරේදා සිද්ධියදා රාත්‍රියේ යුද හමුදා නව වැනි කාලතුවක්කු රෙජිමේන්තු කඳවුර ආසන්නයේ පිහිටි නිවසක පදිංචි තරුණියක් රාත්‍රී ආහාරය ගෙන අත සෝදා ගැනීමට පිටතට පැමිණෙද්දි සැඟවී සිට ඇගේ අතින් අල්ලා බියට පත් කර ඇත. පසුව ඇය කැගැසීම නිසා සෙබළා පලා ගොස් ඇති බව තලාව පොලීසිය පැවැසුවේය. 

සැකකරු පලායන අවස්ථාවේ ඔහු හමුදා කඳවුරේ ආපන ශාලවේ සේවයේ නියතු සෙබළකු බව ඇගේ මව හා අසල්වාසි තරුණයන් දෙදෙනකු හදුනාගෙන තිබෙන අතර ඔහු දිවගොස් කඳවුරට ඇතුළු වූ පසු ප්‍රධාන පිවිසුම් ගේට්ටුව වසා දැමීමට සෙබළුන් කටයුතු කිරීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ. තලාව රත්මල්ගහවැව යුද හමුදා කඳවුරේ ප්‍රධාන පිවිසුම් ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු පැමිණිල්ලක් මත තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතා වහාම  රාතී% 11.00ට පමණ එහි ගොස් තිබේ. 

රත්මල්ගහවැව ගම්මානයේ පදිංචි පිරිමින් හා කාන්තාවන් එකසිය පනස් දෙනකුට ආසන්න පිරිසක් කැති පොලූ අතැතිව කැකෝ ගසමින් හමුදා සෙබළා තමන් භාරයට දෙන ලෙස ඉල්ලද්දී පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ට සන්සුන්ව කටයුතු තරන ලෙස උපදෙස් දී තිබේ. සිද්ධිය වාර්තාවීමත් සමග අනුරාධපුර පිහිටි යුද හමුදා විනයාරක්‍ෂ ක පොලීසියේ නිලධාරීන්ද එහි ගොස් වහාම පරීක්ෂණ ආරමිභ කර තිබේ. මෙම සෙබළා අතින් ඇල්ලූ බව කියන තරුණිය ඔහු සමග පෙම් සබඳතාවක් පවත්වා ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසියට සැක මතුවී තිබෙන අතර ඒ පිළිබඳවත් පොලීසිය පරීක්‍ෂණ කරයි.

බුද්ධික මහේෂ් විජේසූරිය, අනුරාධපුර

No comments:

Post a Comment

Post Bottom Ad