කැපුනු රවීට තවත් කපයි.. ඥාති සහෝදරයා රක්‍ෂණ සංස්ථාවෙන් පන්නා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 13, 2017

කැපුනු රවීට තවත් කපයි.. ඥාති සහෝදරයා රක්‍ෂණ සංස්ථාවෙන් පන්නා දමයි..

හිටපු ඇමති රවි කරුණානායක මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සම කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස පත් කරන ලද ටී.එම්.ආර්. බංස ජයා මහතා එම ධුරයෙන් නෙරපා දමා ඇත.

රක්‍ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළු දෙනා ඉල්ලා අස්වුවත් බංස ජයා ඉල්ලා අස් නොවූ නිසා ඔහු එම ධුරයෙන් ඉවත් නෙරපා තිබේ. කෙසේ වෙත් බංස ජයා මහතා කළමනාකාර අධ්‍යක්‍ෂ දුරයෙන් ඉවත් කලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් මේ වන තෙක් ඉවත් කර නැත.

රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරය දරන ලද දින 100 ආණ්ඩු කාලයේ බංස ජයා මහතා මෙම තනතුරට පත් කරනු ලැබීය. බන්ස ජයා මහතා හිටපු ඇමති රවි කරුණානායක මහතාගේ ඥාති සහෝදරයෙකුද වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad