පැවිදි දිවියට පිවිසි නළුවා මාධ්‍ය ප්‍රසිද්ධිය ප්‍රතික්ෂේප කර හරවා යවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 23, 2017

පැවිදි දිවියට පිවිසි නළුවා මාධ්‍ය ප්‍රසිද්ධිය ප්‍රතික්ෂේප කර හරවා යවයි


ප‍්‍රවීණ රංගන ශිල්පි සෝමසිරි අලකොළංග  මහතා හාරිස්පත්තුවේ  සෝමානන්ද හිමි නමින්  පසුගියදා පැවිදි දිවියට පිවිසි පුවත මුලින්ම ප්‍රචාරය වූයේ වෙබ් අඩවි ඔස්සේය. 

එයින් අනතුරුව එතුමන් ගැන වැඩි විස්තර සොයා බැලීම සඳහා පුවත්පත් හා රූපවාහිනී නාලිකා නියෝජනය කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එතුමන් වැඩවසන ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානය වෙත ගමන් කර තිබුනේ කවුරුත් දන්නා කියන චරිතයක් මෙවැනි වෙනසකට ලක්වීමට හේතු ආදිය ගැන දැන ගැනීමටත් එහිමියන් පිළිබඳ ප්‍රවෘත්ති හා විශේෂාග ඉදිරිපත් කිරීමටත්ය.

නමුත් එසේ ගිය සියල්ලන්ගේ බලාපොරොත්තු සුන් කරගෙන නැවත එන්නට සිදුව ඇත. මීට මාස දෙකකට පමණ ඉහතදී ගාල්ලේදී පැවිදිවූ අවස්ථාව පවා උන් වහන්සේ අප්‍රසිද්ධියේ සිදු කරන ලද බවත් ආරංචි විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද සේවය කළ සෝමසිරි අලකොළංග  මහතා පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන කාලයේ සිට මහාචාර්ය සරච්චන්ද්‍රගේ අඩිපාරේ යමින් රංගනයට පිවිසි නළුවෙකි විය. අපවත්වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශ හිමියන් නිතර ඇසුරු කර කාලයක් තිස්සේ බුදුදහම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරතවන්නටද අලකොළංග මහතාට හැකි විය.

ඒ අනුව මීට මාස දෙකකට පමණ පෙර දකුණු පළාතේ අධිකරණ සංඝනායක උළුවිටිකේ ජයසුමනාරාමාධිපති ශාස්ත‍්‍රපති ආචාර්ය මාබොටුවන පියරතන නාහිමියන්ගේ  ආචාර්යත්වයෙන් සෝමසිරි අලකොළංග මහතා හාරිස්පත්තුවේ  සෝමානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත්ව තිබෙයි. මහණ දම්පුරණ  හිමියන් හමුවීම සඳහා උන්වහන්සේ වැඩවසන විහාරස්ථානයට මාධ්‍යවේදීන් ගිය අවස්ථාවේ නායක හිමියන් හා තවත් හිමිවරුන් සමග බුද්ධ වන්දනාවේ යෙදී සිටි බැවින් දැන්ම හමුවිය නොහැකි බව මුලින් දන්වා තිබී ඇති අතර පසුව උන්වහන්සේ සමග කථා බහේ නිරතවීමට උත්සාහ කළත් පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා ලබාදීමට උන්වහන්සේ එකඟවී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad