කාසියේ වාසිය අවාසියක් වෙයි …පාකිස්තානු කණ්ඩායමට පහසු ඉලක්කයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 23, 2017

කාසියේ වාසිය අවාසියක් වෙයි …පාකිස්තානු කණ්ඩායමට පහසු ඉලක්කයක්

පාකිස්තානයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) වැනිදා පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුනු 103ක් පමනි.

ශ‍්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු තිසර පෙරේරා ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වු අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට පාකිස්තානු පන්දුයවන්නෝ ඉඩ නොතැබූහ. පාකිස්තානු කන්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වු උස්මාන් ඛාන් ලකුණු 34කට කඩුලු 05ක් දවා ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට ඇද දැමුවේය

ශ‍්‍රී ලංකා ඉනිම – සියලු දෙනා දැවී ලකුනු 103 යි (පන්දුවාර 26.2) 
තිසර පෙරේරා 25,ළහිරු තිරිමාන්න 19, සීකුගේ ප‍්‍රසන්න 16
උස්මාන් ඛාන් 5/34,හසන් අලී 2/19

No comments:

Post a Comment

Post Bottom Ad